#hariniamarasuriya

  • අගමැතිනිය YMMA සමුළුවේ 75 වන වාර්ෂික සමුළුවට සහභාගී වේ

    ඔක්තෝබර් 20 වන දින කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ පැවති සමස්ත ලංකා තරුණ මුස්ලිම් සංගම් (YMMA) සමුළුවේ 75 වන වාර්ෂික සමුළුවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී විය.

  • යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන හරිනි කතා කළ අලුත්ම පිරිස

    යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ පුළුල් විද්වත් කථිකාවක් ඊයේ (28) කොළඹ විශ්වවිද්‍යාලයේ සනාතන සභා රැස්වීම් ශාලාවේ දී අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

  • 'ජනතාව අධ්‍යාපන පද්ධතිය තුළ ඉතා ප්‍රබල වෙනසක් අපේක්ෂා කරනවා' - අගමැතිනිය

    දේශපාලන අධිකාරියේ වෙනස්වීමත් සමග රටේ සෑම ක්ෂේත්‍රයක ම පුළුල් වෙනසක් බලාපොරොත්තු වූ ජනතාව අධ්‍යාපන පද්ධතිය තුළ ඒ වෙනස ඉතා ප්‍රබල අයුරින් අපේක්ෂා කරන්නේ යැයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිණි අමරසුරිය පැවසුවා ය.

  • 2027 වසරේ සිට සියලු ම පෙරපාසල් සඳහා එක ම විෂය මාලා රාමුවක්

    2027 වසරේ සිට දිවයින පුරා සියලු ම පෙරපාසල් සඳහා එක ම විෂය මාලාවක් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

  • ADB නව අධ්‍යක්ෂිකා අගමැතිනිය හමුවෙයි

    ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්වූ ආසියානු සංවර්ධන බැංකුවේ නව අධ්‍යක්ෂිකා ෂැනන් කව්ලින් ඇතුලු දූත පිරිස සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ඊයේ (10)වැනිදා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය.

  • NDTV සමුළුවට කොළඹ දේශපාලනය කැලඹයි

    එළඹෙන ඔක්තෝබර් 17 සහ 18 යන දිනවල නව දිල්ලියේදී පැවැත්වීමට නියමිත NDTV ලෝක සමුළුව 2025, සුවිශේෂී ගෝලීය සංවාදයක් සඳහා වේදිකාව සූදානම් කරමින් සිටී.

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, හිටපු එක්සත් රාජධානි අගමැති රිෂී සුනක් සහ හිටපු ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් ඇතුළු ලොව බලගතු නායකයින් රැසක් මේ සඳහා සහභාගී වීමට නියමිතය.

    සේවයේ නියුතු අග්‍රාමාත්‍යවරුන් දෙදෙනෙකු සහ හිටපු අග්‍රාමාත්‍යවරුන් දෙදෙනෙකු එකම වේදිකාවකට ගොඩවීම ඉතා දුර්ලභ මෙන්ම බලගතු අවස්ථාවක් ලෙස සැලකෙන අතර, එය අපේ කාලයේ වඩාත්ම හදිසි සහ වැදගත් සංවාද හැඩගැස්වීමේ සමුළුවේ ඇති වැදගත්කම මනාව පිළිබිඹු කරයි. සංවිධායකයින් මෙම හමුව "අතිශය තීරණාත්මක ප්‍රතිවිපාක ගෙන දෙන ගෝලීය සංවාදයක්" ලෙස හඳුන්වයි.

    කෙසේ වෙතත්, ජාත්‍යන්තර ප්‍රජාව මෙම ඉහළ පෙළේ සාකච්ඡා පිළිබඳව අපේක්ෂාවෙන් සිටින අතරතුර, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ සහභාගීත්වය තහවුරු කිරීමත් සමඟ කොළඹ දේශපාලන ක්ෂේත්‍රය තුළ යම් කැලඹීමක් ඇතිවී ඇති බවට වාර්තා වේ.




    විශ්වාසදායක ආරංචි මාර්ගවලට අනුව, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන තීරණ ගන්නා නායකයින් අතර අගමැතිනියගේ මෙම සහභාගීත්වය සම්බන්ධයෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් මතුව තිබේ. විවිධ දේශපාලන මත දරන ලෝක නායකයින් සමඟ එකම වේදිකාවක් බෙදා ගැනීමට ගත් තීරණය, පක්ෂයේ අභ්‍යන්තර කතාබහට ලක්වූ කරුණක් බව පැවසේ.




    මෙම තත්ත්වය තවදුරටත් කුතුහලය දනවන කරුණක් බවට පත් කරමින්, ජනාධිපති කාර්යාලයට සමීප ආරංචි මාර්ග අනාවරණය කර ඇත්තේ අග්‍රාමාත්‍යවරියගේ නව දිල්ලි සංචාරය පිළිබඳ තහවුරු කිරීම අනපේක්ෂිත සිදුවීමක් වූ බවයි. නම සඳහන් නොකළ අභ්‍යන්තර ආරංචි මාර්ගයක් සඳහන් කළේ, මෙම නිවේදනය ජනාධිපති ලේකම් කාර්යාලය "විමතියට පත් කළ" බවයි.

    එමගින් මෙම ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික කටයුත්ත සම්බන්ධයෙන් රජයේ ඉහළම මට්ටම් අතර සන්නිවේදනයේ යම් බිඳවැටීමක් සිදුවී ඇති බවට ඉඟි පළ වේ.

    වත්මන් සහ හිටපු නායකයින්ගේ මෙම බලගතු හමුවට නව දිල්ලිය සූදානම් වන විට, සමුළුවේ න්‍යාය පත්‍රයේ ඇති ගෝලීය ගැටළු දෙස බලන තරම්ම උනන්දුවෙන්, අග්‍රාමාත්‍ය අමරසූරියගේ සහභාගීත්වය වටා ගොඩනැගෙන දේශපාලන ගතිකත්වය දෙසද බොහෝ දෙනාගේ අවධානය යොමු වනු ඇත.

  • අගමැති හරිනි ඉන්දීය අගමැති මෝදි හමුවෙයි

    ඉන්දීය නිල සංචාරයේ නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් සිදුව තිබේ.

    මේ සම්බන්ධව X පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ගිණුමේ සටහන් කර ඇත්තේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය පිළිගැනීමට ලැබීම තමන්ට සතුටක් වන බවය.

    මෙම හමුවේදී අධ්‍යාපනය, කාන්තා සවිබල ගැන්වීම, නවොත්පාදනය, සංවර්ධන සහයෝගීතාව සහ ධීවරයින්ගේ සුභසාධනය ඇතුළු පුළුල් පරාසයක සාකච්ඡා සිදුකළ බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සටහනේ සඳහන් කර තිබේ.

    සමීප අසල්වැසියන් ලෙස අපගේ සහයෝගීතාවය දෙරටේ ජනතාවගේ සමෘද්ධිය මෙන්ම කළාපයේ සමෘද්ධිය සඳහා ඉමහත් වැදගත්කමක් ගනු ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නිකුත් කර ඇති X පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

    modi 900px

  • අගමැති හරිනිගෙන් ඇස් කඳුලෙන් තෙත් වන හෙළිදරව්වක්

    2025 වසරේ මුල් මාස 08 තුළ අතදරුවන් සමග බන්ධනාගාරගත කළ කාන්තාවන් සංඛ්‍යාව 38ක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

    අද (08) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරිය වෙත යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් ඇය සඳහන් කර සිටියේ, බන්ධනාගාරගත කළ කාන්තාවන් සමග කුඩා ළමයින් 38 දෙනෙකු බන්ධනාගාරය තුළ සිටින බවය.

    එම ළමුන් අතරින් පිරිමි ළමුන් 15ක් සහ ගැහැණු ළමුන් 23ක් සිටින බව අගමැතිවරිය පැවසුවාය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ, මව්වරුන් සමග බන්ධනාගාර ගතවන වයස 05ට අඩු දරුවන් රැකබලා ගැනීමට බන්ධනාගාර කාන්තා අංශ තුළ ළමා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවා ඇති බවය.

    එම ළමා සුරැකුම් මධ්‍යස්ථාන අනෙකුත් රැඳවියන්ගෙන් වෙන්ව පිහිටා ඇති බවත්, ඒවා තුළ දරුවන්ට තම මව්වරුන් සමග කාලය ගත කිරීම අවස්ථාව ලාබාදී ඇති බවත් ඇය පැවසුවාය.

    දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැතිවරිය සඳහන් කර සිටියේ, දෛනිකව රැඳවියන්ට ලබාදෙන ආහාර සලාකය මෙන් කුඩා දරුවන්ට අවශ්‍ය කිරිපිටි හා දිනකට සැහැල්ලු ආහාර ද්‍රව්‍ය බන්ධනාගාර ආයතනයේ සලාක අංශය විසින් ලබාදෙන බවය.

    මීට අමතරව බන්ධනාගාරගතව මව සමග සිටින දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අගමැතිවරිය සඳහන් කර සිටියේ, පෞද්ගලික ආයතනයක සම්පත් දායකත්වයෙන් දැනට වසර 10 පමණ කාලයක සිට මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවය.

    මේ අතර 2025 ජනවාරි 01 වනදා සිට අගෝස්තු 31 වනදා බන්ධනාගාර ගත වී ඇති කාන්කා රැඳවින් ගණන 425ක් බවද අග්‍රාමාත්‍යවරිය එහිදී සඳහන් කළාය.

     

     

  • අගමැතිනිය නවදිල්ලියේ දී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්, ජයශංකර් හමුවෙයි

    ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු සිදුකළ පළමු ඉන්දීය නිල සංචාරය අතරතුර අද  (16) නවදිල්ලියේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් හමුවිය.

    ආර්ථික සහයෝගීතාව, සම්බන්ධතා ශක්තිමත් කිරීම, ඩිජිටල් පරිවර්තනය, සහ අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බහුවිධ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ.

    වෙළඳාම, මූල්‍ය සහයෝගීතාව සහ අධ්‍යාපනය සම්බන්ධ ව්‍යාපෘති ඇතුළුව ශ්‍රී ලංකාවේ පුළුල් පරාසයක සිදු කරන සංවර්ධන වැඩසටහන් සඳහා ඉන්දීය රජය මඟින් ලබා දෙන අඛණ්ඩ සහාය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී පැසසුමට ලක් කළා ය.

    අභියෝගාත්මක කාලවලදී ඉන්දියාව ශ්‍රී ලංකාවට දක්වන ලද සහයෝගය අගය කළ අග්‍රාමාත්‍යවරිය, කලාපයේ සමීප අසල්වැසියෙකු සහ දිගුකාලීන හවුල්කරුවෙකු ලෙස ඉන්දියාව සමඟ සහයෝගීතාව ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාව කටයුතු කරන බව මෙහිදී පැවසුවාය.

    ශ්‍රී ලංකා රජයේ සංවර්ධන න්‍යාය පත්‍රය යටතේ  ඩිජිටල්කරණය, තාක්ෂණ හුවමාරුව සහ නවෝත්පාදනය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වය සාකච්ඡා කළ අතර නිෂ්පාදනය, යටිතල පහසුකම් සංවර්ධනය, අධ්‍යාපනය සහ පර්යේෂණ සේවා ක්ෂේත්‍රයන්හි ඉන්දීය ආයෝජන කටයුතු සඳහා ශ්‍රී ලංකාව තුළ පවතින අවස්ථා පිළිබඳ අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරිය, ද්විපාර්ශ්වික වෙළඳාම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව උනන්දුවක් දක්වන බවද  ප්‍රකාශ කළා ය.

     

    innn

  • අගමැතිනිය පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී වැටුප් සහ දීමනා ලැයිස්තුව හෙළි කරයි

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වර්තමානයේ දී ගෙවන වැටුප්, දීමනා සහ අනෙකුත් වරප්‍රසාද පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අද (19) පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළා ය.

  • අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය සහ මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය Li Qiang අතර හමුවක්

    මහජන චීන සමූහාණ්ඩුවේ නිල සංචාරයක නිරත අගමැති හරිණි අමරසූරිය, බීජිංහි දී මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය Li Qiang හමු වූවා ය.


    දෙරටෙහි ජනතාව අතර ද්විපාර්ශවීය සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරේ

    මෙම හමුව අතරතුර, 2025 කාන්තා ගෝලීය නායකයින්ගේ සමුළුවට සහභාගී වීමට චීනය කළ ආරාධනය සහ ශ්‍රී ලංකා දූත පිරිසට දැක්වූ උණුසුම් ආගන්තුක සත්කාරය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළා ය. අග්‍රාමාත්‍යවරිය මහජන චීන සමූහාණ්ඩුවේ 76 වන සංවත්සරයට සුබ පැතුම් එක් කළ අතර,  අග්‍රාමාත්‍යවරිය ලෙස ඇයගේ මෙම පළමු චීන නිල සංචාරය හරහා දෙරටේ වෙළඳාම, ආයෝජන, සංචාරක, සංස්කෘතිය සහ ජනතාව අතර ද්විපාර්ශවීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අවස්ථාවක් ලැබෙන බව සඳහන් කළා ය.



    අග්‍රාමාත්‍යවරිය වෙතින් චීනයේ භූමිකාව පැසසුමට  

    ගෝලීය ආර්ථිකයේ සහ නවෝත්පාදනයේ ප්‍රධාන නියෙමුවකු ලෙස මෙන් ම දරිද්‍රතාව අඩු කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, මානව-ප්‍රාග්ධන සංවර්ධනය සහ ජාත්‍යන්තර සහයෝගීතාවෙහි හවුල්කරුවකු ලෙස චීනයේ භූමිකාව පැසසුමට ලක් කළ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව ගෙන යන "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" යන දැක්ම පැහැදිලි කළ අතර 2025 ජනවාරි මාසයේ දී දියත් කළ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඇතුළුව දරිද්‍රතාවය තුරන් කිරීම, තිරසාරත්වය ශක්තිමත් කිරීම, ඩිජිටල් පරිවර්තනය ඉදිරියට ගෙන යෑම සහ සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම සඳහා වන ජාතික ප්‍රමුඛතා පිළිබඳව තව දුරටත්  විස්තර කළා ය.  


    අග්‍රාමාත්‍යවරිය, 'එක් තීරයක් එක් මාවතක් (BRI)' ව්‍යාපෘතිය පිළිගනී

    ආර්ථික සහයෝගීතාව සම්බන්ධයෙන්, නිල ණය හිමි කමිටුවේ සාමාජිකයින් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෑත කාලීන ප්‍රගතිය ඇතුළුව ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධන ගමන් පථය පිළිබඳව මෙහි දී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය චීන අග්‍රාමාත්‍යවරයා හට පැහැදිලි කළ අතර, ඒ සඳහා චීනය විසින් ලබා දෙන අඛණ්ඩ සහයෝගය පැසසුමට ලක් කළා ය. චීනයේ එක් තීරයක් එක් මාවතක් (BRI) ව්‍යාපෘතිය යටතේ ලැබෙන අඛණ්ඩ සහයෝගීතාවය පිළිගත් අග්‍රාමාත්‍යවරිය, ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙකු ලෙස චීනයේ භූමිකාව අවධාරණය කරමින් ජාතික හා කලාපීය සම්බන්ධතාවයට සහ සමාජ-ආර්ථික සංවර්ධනයට දායක වන අඛණ්ඩ සහ යෝජිත ව්‍යාපෘති පිළිබඳ සඳහන් කළා ය.


    චීන වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ අංශයට සහයෝගය

    කාර්මික සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා සහයෝගීතාව සහ කාර්මික හා සැපයුම් දාම සහයෝගීතාව පිළිබඳ 2025 මැයි මාසයේ ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුගත වෙමින් ආයෝජන හෝ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේද යටතේ හම්බන්තොට ඇසුරුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට සිදු කළ යෝජනාව ඇතුළුව, වෙළඳාම සහ ආයෝජන සඳහා අවස්ථා පිළිබඳ අග්‍රාමාත්‍යවරිය මෙහි දී සඳහන් කළා ය.  පොහොර සැපයුම් ඇතුළුව දේශීය නිෂ්පාදනය සඳහා යෙදවුම් සඳහා පහසුකම් සැලසීමේ පියවර පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය අග්‍රාමාත්‍ය Li Qiang සමග සාකච්ඡා කළ අතර චීන වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ අංශයට සහයෝගය ලබාගත හැකි මාර්ග පිළිබඳ අවදානය යොමු කළා ය.


     බීජිං ප්‍රකාශය සහ ක්‍රියාකාරී වේදිකාව (Beijing Declaration and Platform for Action) සඳහා අග්‍රාමාත්‍යවරිය ගේ අඛණ්ඩ සහයෝගය

    ස්මාර්ට් පන්ති කාමර, ශිෂ්‍යත්ව, රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ පශ්චාත් උපාධි වැඩසටහන් සහ පාසල් නිල ඇඳුම් පරිත්‍යාග ඇතුළු අධ්‍යාපන අංශයේ සහයෝගීතා ක්ෂේත්‍ර පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කෙරුණු අතර කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, ආරක්ෂක සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ද මෙහි දී අවධානයට ලක් විය.

    කාන්තා අයිතිවාසිකම් සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඉදිරියට ගෙන යෑම සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය තහවුරු කළ අග්‍රාමාත්‍ය අමරසූරිය, බීජිං ප්‍රකාශය සහ ක්‍රියාකාරී වේදිකාව (Beijing Declaration and Platform for Action) සඳහා සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කළ අතර කාන්තා නායකත්වය, බලගැන්වීම, කාන්තාවන් සඳහා  සම අවස්ථා ලබා දීම සහ ප්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂා කිරීම  සඳහා වන ජාතික කැපවීම අවධාරණය කළා ය.  

    අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය - බීජිං සිට
     
     
    sl vs chaina
  • අග්‍රාමාත්‍යවරිය සහ  ජාතික අධ්‍යාපන ආයතනය මොකක් හෝ සඟවන බව අපිට දැනුණා - තුෂාර කුරේ

    අග්‍රාමාත්‍යවරිය සහ  ජාතික අධ්‍යාපන ආයතනය මොකක් හෝ දෙයක් සඟවන බව ප්‍රතිසංස්කරණ ආරම්භයේ සිට ම වැටහුන බැවින් කීප වරක්ම මෙම මොඩියුල අප වෙතට ලබා දෙන්නැයි  ඉල්ලා සිටිය ද ඒය කිසිදු ආකාරයකින් ලබා නොදුන් බව ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමයේ සභාපති තුෂාර කුරේ පැවසී ය.

  • අපදා තත්ත්වය ප්‍රතිසංස්කරණය සඳහා වන සැලසුම් පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කරති

    ගංවතුර සහන කටයුතු සහ යළි යථා තත්ත්වයට පත් වීම මෙන් ම ප්‍රතිසංස්කරණය සඳහා වන සැලසුම් පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සහ විදේශ අමාත්‍යවරයා රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි.

  • ආචාර්ය වික්ටර් රත්නායක අපේ රටේ සංගීත ක්ෂේත්‍රයට ඉටුකළේ වචනවලින් කියා නිම කළ නොහැකි සේවයක් - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

    සංගීතයට, භාෂාවේ අපූර්වත්වයට අපව වෙනම ම ලෝකයකට රැගෙන යා හැකි බව තමා තේරුම් ගත්තේ වික්ටර් රත්නායක ගැයූ ගීතවලින් බවත්, වසර හැටකට වැඩි කාලයක් ඔහු  අපේ රටේ සංගීත ක්ෂේත්‍රයට  ඉටුකළේ   වචනවලින් කියා නිම කළ නොහැකි සේවයක් යැයි ද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවා ය.

  • ආණ්ඩුව කාන්තාවන්ට දුන් පොරොන්දු ඉටු කළේ නැහැ - නිරෝෂා ගුරුගේ

    මේ රටේ කාන්තාවන් මුහුණ දී සිටින පීඩනය නැති කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නවා බවත්, කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් ලබා දීම, ගෘහස්ථ හිංසනයට එරෙහිව පියවර ගැනීම, කාන්තාවක ගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීම, වැටුප් ප්‍රශ්නය විසඳීම යනාදි පියවර ගණනාවක් ගන්නා බව ආණ්ඩුව බලයට පැමිණීමට පෙරපැවසුව ද මේවන තුරු මාලිමා ආණ්ඩුව ඒ කිසිවක් සිදු කර නැතැයි නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික කමිටු සාමාජිකා නිරෝෂා ගුරුගේ පැවසුවා ය.

  • ආහාර සුරක්ෂිතතාව කියන්නෙ දරුවා ගේ ආකල්ප සහ පුරුදුවල කොටසක් - අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය

    ආහාර සුරක්ෂිතතාව පිළිබඳ පුරුදු පාසල් විෂය නිර්දේශයට පමණක් සීමා නොවී, එය දරුවා ගේ ආකල්ප සහ චර්යාවන්හි කොටසක් බවට පත්විය යුතු යැයි අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළා ය.

  • ඉදිරියේ දී පළාත් සභා මැතිවරණය පවත්වනවා - අගමැතිනිය

    මැතිවරණ වලින් පැනලා යන්න ආණ්ඩුවට කිසිම උවමනාවක් නැති අතර ඉදිරියේ දී පළාත් සභා මැතිවරණය පවත්වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී කීවාය.

    "අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු වෘත්තකයන්ගේ අයිතීන් රැක දෙන අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීමට අප වැඩ කටයුතු අරඹා තිබෙනවා.අධ්‍යාපනයේ අසමානතා අඩු කිරීමට අප විශාල වශයෙන් මැදිහත් වී තියෙනවා. උසස් අධ්‍යාපනයේ හිරවී තිබූ ව්‍යාපෘති විසි හයක් අවසන් කිරීම සඳහා මුදල් වෙන් කර තිබෙනවා.

    වසර පහකින් පමණ රාජ්‍ය සේවයේ පුරප්පාඩු පුරවා තිබුණේ නැහැ. අප රට භාරගත්ත තැන සහ අද තිබෙන තැන ගැන විපක්ෂයේ උදවිය කියන කතා වලට වඩා ජනතාව කියන කතා ගැන ඇහුම්කන් දිය යුතුයි" යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.



  • උසස් අධ්‍යාපනයට කුඩම්මාගේ සැලකිලි ද...? - නාමල් රාජපක්ෂ විමසයි (වීඩියෝ)

    වර්තමාන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරිය වන හරිණි අමරසූරිය එකල අධ්‍යාපනය වෙනුවෙන් 06% ලබා දිය යුතු යැයි ඉල්ලමින් උද්ඝෝෂණය කළ ද ඔවුන්ගේ ආණ්ඩුව මෙවර අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කළ මුදලින් අඩක් කපා හැර ඇතැයි නාමල් රාජපක්ෂ පැවසී ය.

  • කාන්තා අයිතිවාසිකම් හිමි කර දීම රජයේ වගකීමයි - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

    කාන්තාවන් සතු දේශපාලනික, ආර්ථික සහ සමාජීය අයිතිවාසිකම් හුදෙක් නීති පොත්වලට හෝ ලේඛනවලට පමණක් සීමා නොකර, ඒවා මෙරට සෑම කාන්තාවකගේම සැබෑ ජීවිතය තුළ අත්විඳිය හැකි යථාර්ථයක් බවට පත්කිරීම රජයේ වගකීම බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය  ප්‍රකාශ කළා ය.

  • කාන්තා සවිබලගැන්වීම වෙනුවෙන් අගමැතිනියට නායකත්ව සම්මානයක්

    කාන්තාවන් විසින් පවුල වෙනුවෙන් සිදු කරනු ලබන, එහෙත් බොහෝ විට ඇගයීමට ලක් නොවන ‘වැටුප් නොලබන’ ගෘහස්ථ කාර්යයන් පවුලට මෙන්ම ජාතික ආර්ථිකයට ද විශාල දායකත්වයක් සපයන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අවධාරණය කළා ය.

Page 1 of 3

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න