කාන්තාවන් සහ දරුවන් ගේ ආරක්ෂාව තහවුරු කිරීමට නම් නීතිය මීට වඩා කාර්යක්ෂම විය යුතු බවත්, ඇරඹූ වෙනස ඉදිරියට ගෙන යෑම සඳහා කාන්තාවන්ද ඉදිරියට පැමිණිය යුතු යැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවා ය.
නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.
අද (16) අලුයම 12.40ට පමණ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යු.එල් - 191ක දරණ ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යවරිය නවදිල්ලි නුවර බලා පිටත්ව ගොස් ඇත.
ඒ අනුව ලබන 18 දින දක්වා ඇය ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතව තිබේ.
සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍යවරිය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ මෙන්ම එරට ඉහළ පෙළේ නායකයින් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.
බීජිං හි සිය නිල කටයුතු අවසන් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පෙරේදා (14) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණියාය.
ළමා ආරක්ෂණය සුරැකෙන පරිදි, මනා නියාමනයකින් යුත් ඩිජිටල් අධ්‍යාපනයක් සැකසීමේ වගකීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව සිදු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිණි අමරසූරිය පැවසුවා ය.
මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට එළැඹීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් පාර්ලිමේන්තුව කැඳවීමට ගත් තීරණය පිළිබඳව ස්තුතිවන්ත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ශ්‍රී ලංකාව සහ පෘතුගාලය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයේ (24)අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.
ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමග සබඳතා පිළිබඳ ලේකම් අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද (03) දිවයිනට පැමිනීමට නියමිතව තිබේ.
දිට්වා සුළිකුණාටුව හේතුවෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වයෙන් පසු රට යථාතත්ත්වයට පත් කිරීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම රජය වෙත මිලියන 250 මුල්‍ය පරිත්‍යාගයක් සිදු කළේය.
මෙම අනුරුවෙහි නිදන් වස්තු තැන්පත් කිරීමේ ජාතික මහෝත්සවය මාර්තු 21 දා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බුද්ධ ශාසන ආගමික කටයතු සංස්කෘතික ඇමැති, ධනවර්ධන ගුරුගේ, මාස්ටර් ගයිඩ් අධිපතිනිය, තිලකවර්ධන අධිපතිතුමා, ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් සහභාගි වීමට නියමිත ය.
කුඩුකාරයන්ට එරෙහිව ජනාධිපතිවරයා බරපතල අනතුරු ඇගවීමක් කරන අතරවාරයේ රටේ සියලු මාධ්‍යවලටත් ලොකු පණිවුඩයක් දෙයි...
සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් මත් උවදුර පරාජයට පත්කළ යුතු බවත් ඒ වෙනුවෙන් තමා සහ ආණ්ඩුව විසින් තබන ලද පියවර නිසැක වශයෙන්ම ජයග්‍රහණය කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
දෙස් විදෙස් කලාකරුවන්ගේ නිර්මාණ රැසකින් සමන්විත මාතර කලා උළෙලේ (Matara Festival for the Arts) සමාරම්භක උත්සවය පෙබරවාරි 19 දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ගේ ප්‍රධානත්වයෙන් මාතර කොටුව පැරණි මහාධිකරණ පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙරට ඖෂධ මාෆියාව තවමත් පවතින බව දන්වමින් ඒකීය රටක් වෙනුවෙන් අපි එක මුතුව සංවිධානය: ජනාධිපති, අගමැති සහ සෞඛ්‍ය ඇමතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත.
*වාර්ෂික ආපනයන ආදායම් ඉලක්ක වෙත සාර්ථකව ගමනක්
*වසරේ මුල් කාර්තු දෙකෙහි පමණක් ආදායම ඩොලර් බිලියන 13 යි.
*මේ ඔබ අප සියලුදෙනාගේම වෙහෙස මහන්සියේ ප්‍රතිඵලයක්..!
2025 NDTV ලෝක සමුළුව අද ආරම්භ වේ.
ඒ නවදිල්ලිහි භාරත් මණ්ඩපම්හිදී.
අස්ථාවරත්වය, අවිනිශ්චිතභාවයන් මැද ලෝකයේ සිදුවන පරිවර්තනයන් පිළිබඳව මෙවර සමුළුවේදී අවධානය යොමු වේ.
රාජ්‍ය නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්ථ ව්‍යාපාර නිර්මාතෘවරුන්,නවෝත්පාදකයින්, හා සමාජ සංස්කෘතික කෘතහස්තයින් එකම වේදිකාවකදී නවමු සංවාදයකට පෙළ ගැසීම එම සමුළුවේ අරමුණයි.
ශ්‍රි ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගි වන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය දේශනයක්ද පැවැත්වීමට නියමිත වේ.
සමුළුව පැවැත්වෙන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ ප්‍රධානත්වයෙන් ය.
බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති රිශී සුනක් සහ ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති ටෝනි ඇබට් ද සමුළුව ඇමතීමට නියමිතයි.
මේ අතර ඉන්දීය සංචාරයක නිරත අග්‍රමාත්‍යවරිය අද එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවේ.
ඊයේ ඇය ඉන්දීය විදේශ අමාත්‍යවරයා හමුවුණි.
2025 NDTV ලෝක සමුළුව, හෙටින් අවසන් වේ.
"Looking Forward To The NDTV World Summit": Sri Lankan PM Harini Amarasuriya
යටිතල පහසුකම් සංවර්ධනය, රජයකට හුදෙක් භෞතික ගොඩනැගීම් පමණක් නොවන බවත්, එය ජාතික සංවර්ධනය උදෙසා භාවිත කරන ප්‍රබල මෙවලමක් වන බැවින් යටිතල පහසුකම් සම්බන්ධයෙන් ගන්නා තීරණ රටේ ජනතාව ගේ අනාගතය තීරණය කරන තීරණාත්මක පියවරක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
වර්තමාන ජාතික ජනබලවේග රජයේ පවතින නොහැකියාව හේතුවෙන් රටේ පවතින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සුළු කොට සැලකීමට කටයුතු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන පැවසී ය.
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැති 2026 ලෝක ආර්ථික සමුළුවේ (World Economic Forum) වාර්ෂික හමුවට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු දූත පිරිස සිව් දිනක සාර්ථක නිල සංචාරයකින් අනතුරුව අද (23) පෙරවරුවේ දිවයිනට පැමිණියහ.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදි සමාජවාදි ජනරජයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටින බවට අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය පාර්ලිමේන්තුවේ දී කළ සහතික වීම පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ජතික ව්‍යාපාරය අතිශයින්ම සතුටට පත්වන බවත්, එමෙන් ම රජයේ එම ක්‍රියාමාර්ගයට සුබ පතන අතර ම සංවිධානයක් ලෙස ඔවුන්, ඔවුන් ගේ උපරිම සහාය ද පළ කරන බව ද සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සංගමයේ (SLEA) වාර්ෂික අන්තර් ජාතික සමුළුව අගමැතිනි හරිණි අමරසූරිය ගේ ප්‍රධානත්වයෙන් 06දා සවස 4.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සංගමයේ සභාපති මහාචාර්ය විජිතපුර විමලරතන හිමියෝ පවසති.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

