ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 2,000 සීමාව ඉක්මවා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව රන් අවුන්සයක මිල අද (27) ඇමරිකානු ඩොලර් 2015.09ක් ලෙස සටහන් වූ අතර, එය පසුගිය සති අන්තයට සාපේක්ෂව ඩොලර් 11ක පමණ ඉහළ යාමකි.
පසුගිය මාස 06ක කාලය සැලකූ විට එය ඩොලර් 60ක පමණ වැඩිවීමක් මෙන්ම වසරක් තුළ ඩොලර් 261ක නැත්නම් 15%ක පමණ වැඩිවීමක් ලෙස මෙම තත්ත්වය පිළිබඳව ලෝක වෙළඳ පොළ තුළ දක්වා ඇත.
අමෙරිකානු ඩොලරය සාපේක්ෂව දුර්වල වීම සහ අමෙරිකානු මහ බැංකුව පොලී අනුපාත සම්බන්ධයෙන් ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කිරීම රන් මිල ඉහළයාමට ආසන්නතම හේතුව ලෙසත් එහිදී පෙන්වා දී තිබේ.
ලෝක වෙළෙඳපොළේ රන් මිල මෙන්ම රිදී මිලද අවුන්සයක් ඩොලර් 25ට ආසන්න වූයේ 2%ක පමණ වර්ධනයක් පෙන්නුම් කරන අතර ප්ලැටිනම් අවුන්සයක මිල ද ඩොලර් 931.50 දක්වා ඉහළ ගොස් ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
