එකතු කළ අගය මත බදු පනතේ සංශෝධනවලට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී ඇත.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ගේ ප්‍රධානත්වයන් රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතියන් දී ඇත.
ඒ අනුව මූල්‍ය සේවා සැපයීම මත එකතු කළ අගය මත බද්ද 15% සිට 18% දක්වා ඉහළ දැමීමට නියමිතව ඇත.
කෙසේ වුවත් වසංගත තත්ත්ව සහ මහජන හදිසි තත්ත්ව වලදී සිදු කෙරෙන වෛද්‍ය උපකරණල යන්ත්‍ර සහ ඖෂධ පරිත්‍යාග එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කිරීමටත් මුදල් පිළිබඳ කාරක සභාවේදී අනුමත වී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
