මෙරට ප්‍රධාන පෙළේ බලපත්‍රලාභී වාණිජ බැංකු අද (15) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇත.
මහජන බැංකුව, ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව සහ සම්පත් බැංකුව යන බැංකු හතර අද (15) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අනුපාතය රුපියල් 275 ක් දක්වා අවප්‍රමාණය වී ඇත.
ඇමෙරිකානු ඩොලරයකට මහජන බැංකුව ලබාදෙන ගැනුම් අනුපාතිකය රුපියල් 264.33ක් වන අතර විකුණුම් අනුපාතිකය රුපියල් 274.99කි. ලංකා බැංකුවේ ගැනුම් අනුපාතිකය රුපියල් 265ක් වන අතර විකුණුම් අනුපාතිකය 275කි. කොමර්ෂල් බැංකුවේ ගැනුම් අනුපාතිකය ඩොලර් 265.00ක් වන අතර විකුණුම් අනුපාතිකය 275.00කි. සම්පත් බැංකුවේ ගැනුම් අනුපාතිකය 265ක් සහ විකුණුම් අනුපාතිකය 275ක් වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
