ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන ලෝක ආහාර වැඩසටහනේ ව්‍යාපෘති සඳහා රුසියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5.5ක් වෙන්කර ඇති බව කොළඹ පිහිටි රුසියාවේ තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.
ඊට අනුව පාසල් මට්ටමින් ශ්‍රී ලංකාවේ පෝෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක ආහාර වැඩසටහන වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 5.5ක මුදලක් රුසියාව විසින් ලබා දෙන ලද බව තිරසාර සංවර්ධන අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව සමඟ පවත්වා ගන්නා සහයෝගීතාව ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්තියට අනුව එම මුදල ප්‍රේෂණය කරන ලද බව තානාපති කාර්යාලීය ප්‍රකාශකයෙක් පැවසූ බව ලීඩර් වෙබ් අඩවිය වාර්තා කර ඇත.
පසුගිය වසරේ දෙසැම්බර් මස 25 දා එකී මුදල ප්‍රේෂණය කර තිබෙන බවත් එහි සඳහන් කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
