ලොවෙත් නැති අර්බුදයක් ලංකාවේ : ගෑස් ඇත්තේම නැත !

ලොවෙත් නැති අර්බුදයක් ලංකාවේ : ගෑස් ඇත්තේම නැත !

මේ වන විට ගෑස් වෙළඳ පොළ දැඩි අර්බුදයකට පත්ව ඇත.

ගෑස් බෙදාහැරීම සිදුකරන ලිට්‍රෝ මෙන්ම ලාෆ් ඒජන්තවරුන් සිය ව්‍යාපාරික ස්ථාන වල "ගෑස් නැත" යනුවෙන් පුවරු ප්‍රදර්ශනය කිරීම දෛනික අංගයක් වී තිබේ.

මේ සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම පවසන්නේ ලාෆ් ගෑස් හිඟයක් ඇතිවීම නිසා වෙළෙඳ පොල හිඟය පෙන්නුම් කරන බවයි.

ලාෆ් ගෑස් සමාගම පවසන්නේ තමන්ට ණයවර ලිපි විවෘත කිරීමට නොහැකිව ඇති නිසා නිශ්පාදන කටයුතු ඇණහිට ඇති බවයි.

කෙසේ වුවත් මේ හේතුවෙන් විශේෂයෙන් නාගරික ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්ව ඇත. මේ වන විට ඉන්ධන හිඟයක් ගැනත් තොරතුරු වාර්තා වන අතර එහිදී භූමිතෙල් පවා සොයා ගැනීම දුෂ්කර වුවහොත් නාගරික ප්‍රජාව කබලින් ලිපිට වැටෙන තත්ත්වයක් පෙන්නුම් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ මේ හුදු ඉන්ධන හිඟයක් නොව බලශක්ති අර්බුදයක් ලෙස වෙළෙඳ පොල කියවාගෙන ඇති බවයි.

ඒ අනුව විදෙස් ආයෝජන සම්බන්ධයෙන් මේ බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදය දැඩිව බලපෑම් කරනු ඇති බවත් ඔවුන් පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න