Language Switcher

V2025

නවසීලන්තයත් ලොක්ඩවුන් !

ලොව රටවල් රැසක් මේ වනවිට අනුගමනය කරන ‘ලොක්ඩවුන්’ ක්‍රමවේදය අනුගමනය කරමින් කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම වලක්වා ගැනීමේ උඋත්සාහයක නිරත අඅතර ඒ අනුව යමින්  ඊයේ  (26) මධ්‍යම රාත්‍රියේ සිට මසකට රට වසා දැමීමට තීරණය කළ බව නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩ්න් ප්‍රකාශ කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙම කාලයේදී නවසීලන්ත වැසියන් අනිවාර්යයෙන්ම නිවසේ රැඳී සිටිය යුතු යැයිද එය කඩකරන පුද්ගලයන්ට දඬුවම් ලැබීමට සිදුවනු ඇතැයි ද නවසීලන්ත අගමැතිනිය අනතුරු ඇඟවීමක්ද   සිදුකර ඇත.

මෙම කාලය තුළ ‘‘තමන්ට කොරෝනා ආසාදනය වී ඇතැයි’’ සලකා කටයුතු කරන්නැයි ද ඇය එරට වැසියන්ගෙන් ඉල්ලා ඇති බවත් වාර්තා වෙයි.

අවශ්‍ය වුවහොත් නව නියෝග උල්ලංඝණය කරන පිරිස්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද  නවසීලන්ත අගමැතිනිය  පවසා ඇත.

මිලියන 05කට ආසන්න ජනගහනයක් සිටින නවසීලන්තය අනෙකුත් රටවලට වඩා  දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇත. නවසීලන්තය බදාදා සිට ක්‍රියාත්මක වන පරිදි රට තුළ හදිසි නීතිය ද ක්‍රියාත්මක කර ඇත. එමෙන්ම රට අනතුරු ඇඟවීමේ මට්ටම ඉහළම මට්ටමට ඔසවා ඇත.

විදෙස් ගතව සිට පැමිණෙන නවසීලන්ත සියලු වැසියන් සියලු දෙනා ගුවන් තොටුපොළ හෝටල්වල හෝ ඔවුන් සිටින නගරවල නැවැතී ස්වයං-නිරෝධායන ක්‍රියාවලියට යොමු විය යුතු යැයි ද නවසීලන්ත බලධාරීහු උපදෙස් දී ඇත.