ඉතාලියේ සහයට ඊයේ (22) සවස් වරුවේ කියුබානු වෛද්‍යවරුන් 37 දෙනෙකු සහ හෙදියන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම මිලාන් මල්පෙන්සා වෙත ගොඩ බැස ඇත.
එම පිරිස ඉතාලි හමුදාව විසින් සකසන ලද ක්ෂේත්‍ර රෝහලක සේවයට එක්ව ඇති බවත් විදෙස් මාධ්‍යවල සඳහන් කර ඇත.
මෙම පිරිස ඉතාලි හමුදාව විසින් සකසන ලද ක්ෂේත්‍ර රෝහලක සේවය කරන කියුබානු වෛද්‍යවරුන් සහ හෙදියන් වේ.
මේ අතර රුසියාවෙන් පළමු ගුවන් යානය හමුදාව හා උපකරණ සමඟ ඉතාලිය බලා පැමිණ ඇත.
එමෙන්ම චීනයේ සිට මුහුණු ආවරණ මිලියන 03 ක් සහිත පළමු නැව්ගත කිරීම සිදුකර ඇති අතර එය එළැඹෙන බ්‍රහස්පතින්දා වන විට චීනයෙන් ඉතාලියට පැමිණෙනු ඇති බවත් එම මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.