අපේ රටට බලපෑ යුද සමයේ දී ඉරානය නිරතුරුව මිතුරකු ලෙස අපි පසුපස රැඳී සිටිමින් අපේ රටට ජවය දුන්නා සේ ශ්‍රී ලංකාව මේ අසීරු යුද්ධයේ දී පැරණි මිතුරාට ශක්තිය දෙමින් ඉරානය පසුපස සිටගත යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (19) කොළඹ පදනම් ආයතනයේ "ලේ සහ කඳුළු ඇතුළත කතාව" යන තේමාව යටතේ පැවති සම්මන්ත්‍රණයක ප්‍රධාන දේශකයා ලෙස සහභාගි වෙමිනි.
ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට පහර දෙන විට ඉරානය සවිමත්ව ඊට මුහුණ දෙන්නේ තනි වූ ඉරානයක් ලෙස නොව, චීනයේ රුසියාව ආදී මිත්‍ර රටවල්ද ප්‍රමුඛ මිත්‍රත්ව සහයෝගිතා බලවේගයක් යටතේ යැයි ද විමල් විරවංශ වැඩි දුරටත් පැවසී ය.
මතු පළ වන්නේ එම සම්මන්ත්‍රණයේ දී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ කළ සම්පූර්ණ දේශනය යි.


