මේ රජයත් සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ තිබුණු බලාපොරොත්තු බිඳ දමමින් සිටිනවා - GMOA

මේ රජයත් සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ තිබුණු බලාපොරොත්තු බිඳ දමමින් සිටිනවා - GMOA

මීට පෙර පැවති රජයන්ට වඩා මෙම රජය සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන්: ඉතාමත් කාර්යශීලී, සුහදශිලී, නම්‍යශීලී මෙන් ම කාර්යක්ෂම වැඩ පිළිවෙළක් යොදාවි යැයි තම සංගමය බලාපොරොත්තු වුව ද වසරක් ගෙවී ගිය ද තම සංගමය බලාපොරොත්තු

වූ ආකාරයට කටයුතු කරන්නට රජය අසමත් වි ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (05) කැඳවා තිබු මාධ්‍ය හමුවේ දී ය.

රජය දිගින් දිගට ම කටයුතු කරන්නේ මේ ආකාරයට නම් කනගාටුවෙන් වුව ද ඉදිරියේ දී වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණය වන්නට සිදු වන්නේ යැයි වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ අවධාරණය කළේ ය.

අක්කරෙයිපත්තු රෝහලේ සියලු කටයුතු බිඳ වැටිලා

මෙම මාධ්‍ය හමුවේ දි අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය චමිල් විජේසිංහ පැවසුවේ නැගෙනහිර පළාතේ අක්කරෙපත්තු මූලික රොහලේ වෛද්‍ය අධිකාරිවරයාගේ අත්තනෝමතික ක්‍රියාමාර්ග හේතුවෙන් රෝහලෙහි සියලු කටයුතු බිඳ වැටී ඇති බවයි.

මෙරටෙහි පාලනය සඳහා පත්වන පාලකයා කවුරු වු ද, එම පුද්ගලයා කුමන පක්ෂය, කුමන පාට නියෝජනය කළ ද මෙරටෙහි පවතින නිදහස් සෞඛ්‍ය සේවාව සහ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීමට එම පාලකයා ඇතුළු කණ්ඩායම බැඳී සිටින බව ද ඔහු මෙම සාකච්ඡාවේ දී අවධාරණය කළේ ය.

නමුත් මේ වන විට රටේ සෞඛ්‍ය පද්ධතිය පිළිබඳ සාකච්ඡා කරන විට වත්මන් ඇමතිවරයා නිරුත්තර බවත්, මේ වන විට ඇති කරගත් එකඟතා පවා කඩ කර ඇති බවත් වෛද්‍ය චමිල් විජේසිංහ වැඩි දුරටත් පැවසී ය.

මතු පළ වන්නේ ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාය අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න