ඇමරිකාව රටවල් 11ක් සඳහා සංක්‍රමණික තහනම ඉවතට

ඇමරිකාව රටවල් 11ක් සඳහා සංක්‍රමණික තහනම ඉවතට

තම රට වෙත සංක්‍රමණිකයන් පැමිණීම වළක්වාලමින් පැවති තහනම රටවල් එකොළහක් සඳහා පමණක් ඉවත් කිරීමට ඇමරිකාව පියවර ගෙන තිබේ.

ඒ වෙනුවට එම රටවලින් පැමිණෙන සංක්‍රමණිකයන් දැඩි ලෙස පරික්ෂා කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කර බව ස්වදේශ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරිය පවසයි. එයට හේතුව ඇමරිකාවට පැමිණෙන්නේ කවුරුන්ද යන්න සිය රජය දැන ගත යුතු වීම බව ඇය පවසා තිබේ.

මෙම රටවල් එකොළහ අතරට ඒ මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් 10ක් සහ උතුරු කොරියාව අයත් වීම විශේෂත්වයකි.

මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් අතරට ඊජිප්තුව, ඉරානය, ඉරාකය, ලිබියාව, මාලි, සෝමාලියාව, දකුණු සුඩානය, සුඩානය, සිරියාව, යේමනය අයත්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න