කාබුල් නගරයට ප්‍රහාර පිට ප්‍රහාර

කාබුල් නගරයට ප්‍රහාර පිට ප්‍රහාර

ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි ආරක්ෂක විශ්ව විද්‍යාලය අසල පිහිටි ආරක්ෂක මධ්‍යස්ථානයක් වෙත ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රහාරයෙන් ඇෆ්ගනිස්ථාන සෙබළු දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව දස දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙම ප්‍රහාරයයේ වගකීම අයිඑස් සංවිධානය බාරගෙන ඇති අතර ප්‍රහාරය සඳහා සම්බන්ධ වූ තුවක්කුකරුවන්ගෙන් පස් දෙනෙකුගෙන් තිදෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇත.

සෙනසුරාදා ප්‍රහාරය

පසුගිය සෙනසුරාදා (ජනවාරි 27) ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් සියයකට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්විය.

මෙම ප්‍රහාරය සඳහා පොලිස් මුර කපොල්ලක් පසුකර, රජයේ ගොඩනැගිලි සහ තානාපති කාර්යාල පිහිටි වීථියක් වෙත ළඟා වීම සඳහා ප්‍රහාරකයන් විසින් ගිලන් රථයක් ධාවනය කොට තිබුණි.

මේ වෙනුවෙන් ඇෆ්ගනිස්ථාන ආණ්ඩුව විසින් ඉරිදා (ජනවාරි 28) ජාතික ශෝක දිනයක්ද නම්කර තිබුණු බව වාර්තා වේ.

ප්‍රහාරයේ වගකීම බාරගනු ලැබුවේ දැඩි මතධාරී තාලිබාන් ඉස්ලාමීය සංවිධානය විසිණි.

සෙනසුරාදා එල්ල වූ ප්‍රහාරයෙන් 191 අධික පිරිසක් තුවාල ලැබිය.

පසුගිය සෙනසුරාදා එල්ලවූ ප්‍රහාරයට සතියකට පෙර කාබුල් නගරයේ පිහිටි හෝටලයකට එල්ලවූ ප්‍රහාරයෙන් විදේශිකයන් 22ක් මරණයට පත්විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න