රුසියාව සම්බන්ධ ලියවිල්ලක් නිසා අමෙරිකාවේ මතභේදයක්

රුසියාව සම්බන්ධ ලියවිල්ලක් නිසා අමෙරිකාවේ මතභේදයක්
පසුගිය ජනාධිපතිවරණයේදී රුසියාව සිදු කළ බව කියන මැදිහත් වීම් සම්බන්ධ ලියවිල්ලක් පිළිබඳ අමෙරිකාවේ FBI සංවිධානය සහ එරට රිපබ්ලිකන් පක්ෂ නීති සම්පාදකයින් අතර මේ වනවිට මතභේදාත්මක තත්ත්වයක් හට ගෙන ඇතැයි  වාර්තා වේ.
 
 නීති සම්පාදකයින් විසින් එළිදැක්වීමට නියමිත මෙම ලියවිල්ලේ නිරවද්‍යතාවය කෙරෙහි තමන් ඉතා විමසිලිමත්වන බව FBI සංවිධානය පවසා තිබුණි.  
 
පසුගිය ජනාධිපතිවරණයේ රුසියාව මැදිහත්වූ බවට වන මතය මිට පෙර ට්‍රම්ප් මෙන්ම රුසියාවද ප්‍රතික්ෂේප කර ඇත. ඩිමොක්‍රටික්  පාක්ෂිකයින් පවසන්නේ මෙම ලියවිල්ල , තම  පක්ෂය  අපකීර්තියට පත් කිරීමේ ප්‍රයත්නයක් බවයි.
 
රිපබ්ලිකන් පාක්ෂික නීති සම්පාදකයිනගේ මෙම කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන් FBI සංවිධානයට මේ වනවිටත් අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බව පැවසේ.
 
ධවල මන්දිරය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කර සිටියේ  එම මතභේදාත්මක ලියවිල්ල අද(01)  දිනය තුලදී එළි දැක්වෙනු ඇති බවටයි. ධවල මන්ධිර ප්‍රධානි ජෝන් කෙලි Fox News ගුවන් විදුලිය සමඟ පැවති  වැඩසටහනකදී ද පැවසුවේ එය තොරතුරු ඉතා ඉක්මණින්  එළි  දැක්වීමට නියමිත බව පවසා තිබුණි. 
 
නමුත් ඊට පැයකට  පමණ පසු අභ්‍යන්තර බුද්ධි අංශවල මතය අනුව මෙම ලියවිල්ල හෙට (02) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ප්‍රකාශ කරන ලදී . 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න