ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නමින් දුම්රිය ස්ථානයක් නම් කිරීමට ඊශ්‍රායල් රජය තීරණය කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට මධ්‍යම ජෙරුසලමේ සිට වෙස්ටන් වෝල් දක්වා ඉදිවෙමින් තිබෙන අධිවේගී දුම්රිය මාර්ගයේ එක් ප්‍රධාන දුම්රිය ස්ථානයක් ට්‍රම්ප්ගේ නමින් හඳුන්වන්නට තීරණය වී ඇති අතර ඒ බව ඊශ්‍රායල් ප්‍රවාහන අමාත්‍ය Yisrael Katz ද ඒ බව තහවුරු කර ඇත.
කෙසේ වුවත් ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට ඇමරිකා එක්සත් ජනපදය ගෙන ඇති යෝජනාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය යෝජනාවක් සම්මත කරගෙන ඇත.
ඊට පෙර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙතද ඇමරිකාවේ තීරණයට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කළ නමුත් ඇමරිකාව නිශේධ බලය යොදා එම යෝජනාව පරාජය කරන්නට කටයුතු කරනු ලැබීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
