ප්‍රවීණ නාට්‍ය අධ්යක්ෂවරයකු වන මහේෂ් කුමාර ගේ නවතම නාට්‍ය නිර්මාණය වන Heart Play (හද නළුව) ජූලි 13වන දා සවස 06ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයෙහි පිහිටි කමත රඟහලේ දී රඟ දැක්වේ.
චෙසික ගුණරත්න, නිෂාධිනී ජයවර්ධන, ආසිරි මුල්ලෙකන්ද සහ අයෙෂාණි ජයවර්ධන රංගනයෙන් දායකවන මෙහි සංගීතය කේ. ඒ. අකලිෂ්ඨ ගෙනි.
අංග රචනය අජන්ත අලහකෝන් සහ සත්‍යා කළුආරච්චිගෙනි. ආලෝකකරණය නලින් ජයසේකර ගෙනි. ඇඳුම් නිර්මාණය අයෙෂාණි ජයවර්ධන ගෙනි. වේදිකා පරිපාලනය ඉසුරු ජීවන්ත ය.
නාට්‍ය පරිවර්තනය සහ අධ්‍යක්ෂණය මහේෂ් කුමාර ගේ ය.
නිෂ්පාදනය 'රළ' සාමූහිකය වෙතිනි.
මෙම නාට්‍ය ජර්මානු නාට්‍යවේදී හයිනර් මුලර් ගේ නාට්‍යයේ සිංහල පරිවර්තනය යි.

1981 වසරේ රචනා කර ඇති මෙම පිටපත පළමු වරට රඟ දක්වා ඇත්තේ 1981 වසරේ නොවැම්බර් මාසයේ දී ය.
මෙහි දෙබස් සර්කස් වළල්ලක කවටයින් ගේ රැඟුමක ආකාරයෙන් ලුහුඬු සහ ග්‍රාම්‍ය ලෙස ඉදිරිපත් කරයි.
නිෂ්පාදන කාර්යයේ දී නාට්‍ය කණ්ඩායමෙහි උත්සාහය වී තිබෙන්නේ මන්දගාමී රංග වින්‍යාසයක් සහ තීව්ර උච්ච ස්වර දෙබස් උච්චාරණයක් භාවිත කරමින් දෘශ්‍ය පරිභෝජනයේ සාමුහික සර්ව සුබවාදී බලහත්කාරය බිඳ දමන අතරතුර ප්‍රේක්ෂක අවධානය ගිලිහී යා නොදී රඳවා ගැනීම ය.

නාට්‍ය සමකාලීන ලංකාවේ සමාජ දේශපාලන සන්දර්භය මත පිහිටු වීමේ උත්සාහයක් ලෙස ප්රක්ෂේපණ යන්ත්‍ර මගින් තෝරා ගන්නා ලද ඡායාරූප ප්‍රදර්ශනයක් ඉදිරිපත් කරයි. මේ සියල්ලත් සමග නාට්‍ය සාම්ප්‍රදායික ප්‍රොසීනියම් රගහල් සීමාවෙන් ඉවතට ඇද ගැනීම නාට්‍ය කණ්ඩායමේ උත්සාහය යි.
නාට්‍යයේ ධාවන කාලය මිනිත්තු 20කි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
