Image

උඩ පළාත ප්‍රාදේශීය ලේකම්වරිය සැලසුම් සහගතව ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්

උඩ පළාත ප්‍රාදේශීය ලේකම්වරිය සැලසුම් සහගතව ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්

මීට මාස ගණනාවකට ඉහත දී මෙම ප්‍රාදේශීය ලේකම්වරිය පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවූයේ දිමූ ජයරත්න ගේ පුත් අනුරාධ ජයරත්න ගේ වරප්‍රසාද කඩවීම පිළිබඳව ප්‍රශ්න කරනු සඳහා ය. අම්බුලුවාව ව්‍යාපෘතියේ ඉඩම් මංකොල්ලය පිළිබඳව දිගටම සටන් කරමින් සිටි මෙම නිලධාරිනිය එහි දී විශාල අක්‍රමිකතාවලට අදාළ හෙළිදරව් කිරීම් ගණනාවක් සමාජගත කිරීමට සමත් වූවා ය.

 

කාර්යාලයේ කාමර සීල් කර, එහි තිබූ බඩු භාණ්ඩ පිළිබඳව විශාල මාධ්‍ය ප්‍රචාරයක්

වර්තමානයේ සිදුවෙමින් පවතින්නේ ඇයව දෙවන වරට මර්දනය කිරීමේ මෙහෙයුමයි. එය ඉතා සූක්ෂම ලෙස රාජ්‍ය අංශයේ ආයතන ද සම්බන්ධ කරගෙන ක්‍රියාවට නැගීමට නියමිත අතර, ඉදිරි පැය විසි හතර තුල ඇය එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉවත් කිරීම බොහෝ දුරට සිදුවනු ඇත. මේ දිනවල එම කාර්යාලයේ කාමර සීල් කර, එහි තිබූ බඩු භාණ්ඩ පිළිබඳව විශාල මාධ්‍ය ප්‍රචාරයක් ගෙන යයි. රජයේ කාර්යාලයක් මුද්‍රා කිරීම සඳහා මූලික දැනීමක් හෝ මෙම ක්‍රියාවලියට සහභාගි වූ නිලධාරීන්ට නොමැති බව පෙනේ. මෙය කිසිවකු ගේ මෙහෙයවීම මත සිදුවන්නක් බව ඉතා පැහැදිලිය.

DS

කිසියම් කාර්යාලයක ආක්‍රමිකතාවයක් පිළිබඳව තොරතුරු ලැබූ පසු එම කාර්යාලයේ කිසියම් ලිපි ලේඛන භාර ගැනීමක් හෝ කාමර සීල් කිරීමක් සිදුකළ යුතු නම්, ඒ සඳහා නිසි බලධරයාගෙන් බලය පැවරූ නිලධාරීන් පැමිණ, තම කාර්යභාරය අදාළ කාර්යාලයේ වගකිවයුතු නිලධාරීන්ට හෙළිදරව් කොට, එම ලිපි ලේඛන හෝ බඩුබාහිරාදිය භාරව සිටින නිලධාරීන් ඉදිරිපිට, ඒ පිළිබඳව ගණනය කිරීමක් කොට, ඒවා ලේඛනගත කල යුතු අතර, එම භාණ්ඩ භාර ගත් බවට ද, අදාල නිලධාරීන් එම භාණ්ඩ භාර දුන් බවට ද සාක්ෂිකරුවන් ඉදිරියේ අත්සන් කර, කාමර සීල් තැබීමට අවශ්‍ය නම්, ඒ සඳහා යොදන මුද්‍රා කාර්යාලයේ නිලධාරීන් ගෙන් ද සමන්විත කමිටුවක් විසින් සිදු කළ යුතු ය. උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාමර සීල් කිරීම සහ යතුරු භාර ගැනීම, කිසිදු විධිමත් ආකාරයකින් සිදුවී නොමැති බව පෙනී යයි.

 

ඉතිහාසය නැවත ක්‍රියාත්මක වෙමින්...

මෙම ක්‍රියාවලියෙහි අවසානයේ මූලික විමර්ශනයක් සිදුකර චෝදනාපත්‍ර ලබාදීමට ප්‍රථම, ප්‍රාදේශීය ලේකම් කිසියම් චෝදනාවක් මත ස්ථාන මාරු කරනු ඇත. කාර්යාල කාර්ය පටිපාටිය පිළිබඳ මනා දැනීමක් ඇති සහ විනය පටිපාටිය පිළිබඳව කෙළ පැමිණි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් මෙවැනි අවස්ථාවල නිහඬව සිටීම පුදුමයක් නොවේ. මීට දශක තුනකට පමණ ඉහත දී මොණරාගල දිස්ත්‍රික්කයේ බුරුත සහ තේක්ක දැව ජාවාරම ජයටම සිදුවූ කාලවකවානුවේ ඊට අනුග්‍රහය නොදැක්වූ ප්‍රාදේශීය ලේකම්වරුන්, එම කාර්යාල ඉදිරිපිට බොරු මහජන උද්ඝෝෂණ පවත්වා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංචිතයට මාරු කළ ඉතිහාසයක් තිබේ. එහි දී ද ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් නිහඬව සිටියහ. එම ඉතිහාසය ම නැවත ක්‍රියාත්මක වෙමින් තිබේ. එදා එය මෙහෙයවනු ලැබුයේ බලයේ සිටි දේශපාලකයන් විසිනි. අද එය මෙහෙයවනු ලබන්නේ කවුරුන්ද යන්න සොයා බැලීම පරිපාලන නිලධාරීන්ගේ යුතුකමකි.

 

WhatsApp Image 2026 06 27 at 4.29.37 AM 1

 

 

 

 

 සටහන - ඇන්ටන් පෙරේරා

ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන ගණකාධිකාරි,

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ (විමර්ශන),

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති.

 

මතු පළ වන්නේ 'MediaLK' යූටියුබ් නාලිකාව ඔස්සේ මෙම සිදුවීම පිළිබඳව මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන සිදු කරන අදහස් දැක්වීමකි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න