ISISට එරෙහි යුද්ධය ඉවරයි - ඉරාක අගමැති

ISISට එරෙහි යුද්ධය ඉවරයි - ඉරාක අගමැති

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට එරෙහි යුද්ධය අවසන් බව ඉරාක අග්‍රාමාත්‍ය හයිදර් අල් අබාඩි සඳහන් කර ඇත.

ඉරාක අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ බැග්ඩෑඩ් අගනුවර සම්මන්ත්‍රණයක් අමතමින්ය.

ඉරාක - සිරියානු දේශ සීමා කලාපයේ සම්පූර්ණ පාලනය ඉරාක හමුදාව අතට පත්ව ඇති බවත් ඒ අනුව ඉදිරියේදී සිදුකරන මෙහෙයුම් කටයුතු සීමාවනු ඇති බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.

කෙසේ වුවත් දේශසීමා ආශ්‍රිතව පැවති පාලනය ISIS සංවිධානය වෙතින් ගිලිහී ගියත් රට අභ්‍යන්තරයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ලවීමේ අවධානම පහවගොස් නැති බවද අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

පසුගිය නොවැම්බර් මාසයේ දී ISIS සංවිධානය සතුව තිබු රාවා නගරයේ බලය ඔවුන් අතින් ගිලිහුණු අතර එම සංවිධානයේ පාලනය දේශ සීමා කලාපයේ ප්‍රදේශ කිහිපයකට පමණක් සීමා වුණි.

අයිඑස් සංවිධානය පරාජයට පත් කිරීම සඳහා අසල්වැසි සිරියාව තුළ ගෙන ගිය මෙහෙයුම අවසන් කළ බව පසුගියදා රුසියානු හමුදාව විසින් ස ප්‍රකාශයට පත් කරනු ලැබිණ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න