පලස්තීන ප්‍රහාරයකින් උතුරු ඊශ්‍රායලයේ දෙදෙනෙකු මරුට

පලස්තීන ප්‍රහාරයකින් උතුරු ඊශ්‍රායලයේ දෙදෙනෙකු මරුට

බටහිර ඉවුරේ සිට මෝටර් රථයක් පදවා පැමිණි පලස්තීනුවකු ඊයේ (26), උතුරු ඊශ්‍රායලයේ සිවිල් වැසියකු සහ කාන්තාවක් ඝාතනය කර ඇත.

මෝටර් රථයට යට කර පුද්ගල ඝාතනයක් සිදු කිරීමෙන් අනතුරුව ඔහු උල් ආයුධයකින් ඇන එම කාන්තාව ඝාතනය කර තිබේ. සිද්ධියෙන් තරුණයකුද තුවාළ ලබා ඇත.

සිද්ධිය සිදු වූ ස්ථානයේ සිටි තවත් සිවිල් වැසියකුගේ වෙඩි පහරින් තුවාළ ලත් ඝාතකයා රෝහල් ගත කිරීමට පොලිසිය විසින් කටයුතු කෙරිණි.

ඉදිරි ප්‍රහාර වැලැක්වීම පිණිස, බටහිර ඉවුරේ ඛබටියා නගරයේ සියලු වැර යොදා ප්‍රතිචාර දක්වන ලෙස සිය හමුදා වෙත උපදෙස් නිකුත් කර ඇතැයි, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය, ඉශ්‍රයෙල් කැට්ස් කියා සිටියේය.

එම ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් සිදු කෙරෙන බව එම හමුදා පැවසූහ.


(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
12/27/2025

මුලාශ්‍රය :

Two dead in Palestinian attack in Israel, Israeli authorities say


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න