හූති සටන්කරුවන්ගේ අග්‍රාමාත්‍ය ඇතුළු කැබිනට් මණ්ඩලයම මිය යයි...

හූති සටන්කරුවන්ගේ අග්‍රාමාත්‍ය  ඇතුළු කැබිනට් මණ්ඩලයම මිය යයි...

යේමනයේ හූති සටන්කාමීන්ගේ අග්‍රාමාත්‍ය අහමඩ් අල්-රහාවි ඇතුළු කැබිනට් මණ්ඩලයම ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියගොස් තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් හූති සටන්කාමීන් සඳහන් කළේ, පසුගිය බ්‍රහස්පතින්දා සනා අගනුවරට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ඔවුන් මියගොස් ඇති බවයි.

සනා අගනුවර පිහිටි මහල් නිවාසය ඉලක්ක කර එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අග්‍රාමාත්‍යවරයා මියගොස් ඇත.

අගනුවරින් පිටත ස්ථානයක රැස්ව සිටියදී එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් තවත් අමාත්‍යවරුන් 10 දෙනෙකු මියගියේ ය.

අහමඩ් අල්-රහාවි හූති සටන්කාමීන්ගේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණේ, පසුගිය වසරේ අගෝස්තු මාසයේයී.

ඊශ්‍රායලය, සිය ඉලක්ක වෙත අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් ඇතැයි හූති සටන්කාමීන් නිවේදනය කළේ, ඇතැම් පලස්තීන නියෝජිතයින් ද ඊට සහය දක්වන බවට චෝදනා කරමිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න