ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි එළඹෙන ජනවාරි මාසයේදී නැවතත් අමාත්‍ය ධූරයට පත්කිරීමේ මෙහෙයුමක් ආණ්ඩුව තුළ ක්‍රියාත්මක වන බවත්, ඔහුව මෙම වංචාවෙන් නිදහස් කිරීමට ආණ්ඩුව උත්සාහ දරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.
අද (13) සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.එම්.මරික්කාර් මෙසේද පැවසීය:
"ගල් අඟුරු පාඩුව රුපියල් බිලියන 15.68 ක් බවත්, 'පර්ෆෝමන්ස් බොන්ඩ්' (Performance Bond) හරහා රුපියල් බිලියන 16.9 ක් තබාගෙන ඇති බැවින් එම පාඩුව ආවරණය කරගත හැකි බවත් කියමින් ජනාධිපතිවරයාගේ මිත්‍ර අනුර කරුණාතිලක අමාත්‍යවරයා කුමාර ජයකොඩිව සුද්ධ කිරීමට උත්සාහ කරනවා. නමුත් එය සම්පූර්ණ අසත්‍යයක්."
යටිතල පහසුකම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පත්කළ විශේෂඥ කමිටු වාර්තාව මේ වන විට ලැබී ඇති බවත් එහි අන්තර්ගතය සම්පූර්ණයෙන් කියවන්නේ නැතිව අමාත්‍යවරයා මෙම අසත්‍ය ප්‍රකාශ සිදුකරන බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
කමිටු වාර්තාවේ දැක්වෙන ආකාරයට මෙහි සෘජු පාඩුව රුපියල් බිලියන 18.393 ක් වන අතර, ඩීසල් සඳහා ලබා දුන් සහනාධාර පාඩුවද එකතු වූ විට සමස්ත පාඩුව රුපියල් බිලියන 20 ක් දක්වා ඉහළ යන බව මන්ත්‍රීවරයා පැහැදිලි කළේය.
එමෙන්ම, අදාළ නිල වාර්තාව එළඹෙන අඟහරුවාදා පාර්ලිමේන්තුවට සභාගත කර මන්ත්‍රීවරුන් 225 දෙනාටම පිටපත් ලබාදෙන බවත්, ඉන්පසු එය ජනාධිපති කොමිසම හෝ අදාළ විමර්ශන ආයතන වෙත යොමු කිරීමට කටයුතු කරන බවත් එස්.එම්. මරික්කාර් වැඩිදුරටත් සඳහන් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
