බෙල්ජියමේ Tomorrowland සංගීත ප්‍රසංගයට දින දෙකකට පෙර ප්‍රධාන වේදිකාවේ ඇති වූ ගින්නකින් එම ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. ගින්නෙන් එහි සිටි කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර වේදිකාවට දැඩි හානි සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම විචිත්‍රවත් සංගීත උළෙල එළැඹෙන සිකුරාදා ඇන්ට්වර්ප් නගරයට දකුණින් පිහිටි බූම් නගරයේ දී ආරම්භ වීමට නියමිත අතර එය සති අන්ත දෙකක් පුරා පැවැත්වෙන අතර, එයට පුද්ගලයින් 400,000ක් පමණ සහභාගී වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
