වයඹදිග චීනයේ හටගත් භූ කම්පනයකින් අවම වශයෙන් පුද්ගලයින් 111 දෙනෙකු මියගොස් තවත් 220 දෙනෙකු තුවාල ලබා ඇති චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ චීනයේ ගන්සු ප්‍රාන්තයේ මෙම මැග්නිටියුඩ් ඒකක 5.9ක භූ කම්පනයක් ඇති විය.
ඉන් ගොඩනැගිලි සහ නිවාසවලට දැඩි හානි සිදු වූ අතර සුන්බුන් අතර සිරවූ පිරිස් මුදාගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මකයි.
පළමු භූ කම්පනය සිදු වී පැය කිහිපයකට පසු අද (දෙසැ. 19) දිනයේ ද අසල්වැසි ෂින්ජියැන්ග් ප්‍රදේශයේ තවත් භූ කම්පනයක් සිදුව ඇත.
මැග්නිටියුඩ් 5.5ක ප්‍රබලත්වයෙන් යුතු වූ එම භූ කම්පනයෙන් සිදුවූ හානිය එකවර පැවසිය නොහැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
