ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ගාසා තීරය ආශ්‍රිතව දරුණු යුද ගැටුම් පවතින පසුබිමේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
එම වාර්තා අනුව ඇමරිකානු ජනාධිපති බයිඩන් පිලිගැනීමට ටෙල් අවීව් නුවර බෙන් ගුරියොන් ගුවන්තොටුපොළට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පැමිණ ඇත.
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා, ඇමෙරිකන් ජනාධිපතිවරයා පිළිගත්තේ ඔහු උණුසුම් ලෙස වැලඳ ගනිමින් බවත් එම මාධ්‍ය වාර්තා වල දැක්වෙයි.
ඇමෙරිකන් ජනාධිපති බයිඩන්, ඊශ්‍රායලය බලා පැමිණියේ හමාස් සටන්කාමීන් සමඟ යුද්ධයකට පැටලී සිටින ඊශ්‍රායලයට ඇමෙරිකාවේ සහාය නොඅඩුව හිමිවන බව පෙන්වමින් බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
