සුඩානයේ පැවති ගැටුම් අතරතුර අමෙරිකානු ජාතිකයින් දෙදෙනෙකු මියගොස් ඇති බව අමෙරිකානු රජය තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහිදී ධවල මන්දිර ජාතික ආරක්ෂක ප්‍රකාශක ජෝන් කර්බි සඳහන් කර ඇත්තේ එරට රැඳී සිටින සුලු පිරිසක්වූ අමෙරිකානු ජාතිකයින් මුදා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවය.
එසේම සුඩානයට ප්‍රකාශයට පත් කර ඇති සටන් විරාම කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු රජය මැදිහත්ව කටයතු කරන බව ද ජෝන් කර්බි සඳහන් කර ඇත.
සුඩානයේ විසූ ඇමරිකානුවන් සිය රට බලා පැමීණීම සඳහා මේ වන විටත් සුඩාන වරාය වෙත පැමිණ සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
