තමා විසින් කුඩා පිරිමි දරුවෙකු සිප ගන්නා වීඩියෝවක් ආන්දෝලනයකට තුඩු දීමත් සමග ටිබෙටයේ ආධ්‍යාත්මික නායකයා නොහොත් දලායි ලාමාතුමා සමාව ඉල්ලා ඇත.
මෙයට හේතුවන්නේ, දලායි ලාමාතුමා පිරිමි ළමයෙකුගේ දෙතොල් සිප ගනිමින් ‘ඔහුගේ දිව උරා බොන්න‘ යැයි පවසන සමාජ ජාලා තුළ පැතිරී ගිය විඩියෝ පටයක් හේතුවෙනි.
මෙම දර්ශන සමාජයේ දැඩි විවේචනයකට තුඩු දී ඇති අතර, බොහෝ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් එය අනුචිත මෙන්ම බලහත්කාරී ක්‍රියාවක් ලෙස පවසනවා.
අදාළ සිද්ධිය සිදුවන්නේ, ඉකුත් පෙබරවාරි 28 වන දින දේපළ වෙලදාම් සමාගමක් වන M3M සමූහයේ දානපති අංශය වන M3M පදනම විසින් සංවිධානය කරන ලද නිපුණතා පුහුණු වැඩසටහනක් සම්පූර්ණ කළ සිසුන් 120ක් සහභාගී වූ වැඩසටහනකදී ධර්මශාලාහි දලායි ලාමාගේ විහාරස්ථානයේදීය.
මෙම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ සංසරණය වන්නේ, පදනම විසින් මාර්තු මාසයේ මෙම වැඩසටහනේ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත උඩුගත කිරීමෙන් අනතුරුවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
