සිරියාවේ ඇලෙප්පෝ නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ඊයේ අලුයම ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාරයක් එල්ල වූ බව සිරියාවේ මාධ්‍ය වාර්තා කළේය.
පසුගිය මාසයේ තුර්කියේ සිදු වූ දරුණු භූ කම්පනයේ දැඩි බලපෑමට ලක්වූ සිරියානු ජනතාවට ජාත්‍යන්තර රටවලින් සහනාධාර රැගත් ගුවන්යානා ගොඩ බැස් වීම් සිදු කළ මේ ගුවන් තොටුපොළට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයත් සමඟ වසා දැමීමට සිදු වූ බව ද එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
මාස 6ක් ඇතුළත ඊශ්‍රායලයෙන් ඇලෙප්පෝ ගුවන් තොටුපොළට එල්ල වූ දෙවැනි ප්‍රහාරය මෙය බවත්, ඉන් ගොඩනැඟිලි රැසකට හානි සිදු වී ඇති බවත් වාර්තා වේ. කෙසේ වුවද ජීවිත හානි කිසිවක් ඊයේ පස්වරුව වනතුරුම වාර්තා වී නැත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
