Image

ගාමිණී කෝරයා අනුස්මරණ දේශනය හෙට(04) BCIS හිදී!

ගාමිණී කෝරයා අනුස්මරණ දේශනය හෙට(04) BCIS හිදී!

ලෝක ප්‍රකට ශ්‍රී ලාංකික ආර්ථික විද්‍යාඥයෙකු හා රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ ආචාර්ය ගාමිණී කෝරයා අනුස්මරණය කරමින් සංවිධානය කරන වාර්ෂික අනුස්මරණ දේශනය හෙට (04) පස්වරුවේ කොළඹදී පැවැත්වේ.

ගාමිණී කෝරයා පදනම විසින් සංවිධානය කරන මෙම දේශනය කොළඹ 07, බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන කේන්ද්‍රයේදී (BCIS) පස්වරු 4.30 ට ආරම්භ වීමට නියමිතය.

මෙවර දේශනය පවත්වනු ලබන්නේ හිටපු විදේශ ලේකම්, තානාපති (විශ්‍රාමික) රවිනාථ ආරියසිංහ විසිනි.

උපායමාර්ගික අධ්‍යයන සඳහා වූ ප්‍රාදේශික මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරන ඔහු, ගාමිණී කෝරයා පදනමේ, බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන කේන්ද්‍රයේ හා මාර්ගා ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි.

“The Paradoxes of...” යන මැයෙන් මෙවර දේශනය පැවැත්වෙන අතර, වත්මන් ජාත්‍යන්තර දේශපාලන හා ආර්ථික පරිසරය තුළ කුඩා රාජ්‍යයන් මුහුණ දෙන අභියෝග හා අවස්ථා පිළිබඳව පුළුල් විග්‍රහයක් ඉදිරිපත් කිරීමට නියමිත බව සංවිධායකයෝ පවසති.

ආචාර්ය ගාමිණී කෝරයා එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධන සමුළුවේ (UNCTAD) මහලේකම්වරයා ලෙසත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයා ලෙසත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙසත් කටයුතු කරමින් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ කීර්තිය ඉහළ නැංවූ ප්‍රමුඛතම රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.

ජේ. මුණසිංහ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න