අලි ඇතුන්ගේ ජීවිත සුරැකීම සහ වනසතුන්ට එල්ල වන තර්ජන අවම කිරීමේ අරමුණින් ආරම්භ කළ ‘හස්ති සේනා’මෙහෙයුමේදී අනවසර ගිනි අවි, මදු, හක්කපටස් සහ පතොරම් ඇතුළු නීතිවිරෝධී භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගෙන තිබේ.
පරිසර අමාත්‍ය ධම්මික පටබැඳිගේ මූලිකත්වයෙන්, පරිසර අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යුද හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව වයඹ වනජීවි කලාපය, කලාවැව ආශ්‍රිතව ඊයේ (02) මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කරන ලදී.
අලි ඇතුන් සහ අනෙකුත් වනසතුන් ඝාතනය කිරීම සඳහා යොදාගත හැකි අනවසර ගිනි අවි ඇතුළු නඩු භාණ්ඩ රැසක් මෙහිදී සොයාගෙන ඇති අතර, ඒවා ඉදිරි නීතිමය කටයුතු සඳහා කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
වනසතුන්ගේ ජීවිතවලට තර්ජනයක් වන අනවසර ගිනි අවි, හක්කපටස්, අනවසර විදුලි රැහැන් සහ මදු සම්බන්ධයෙන් වන වැටලීම් හා නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව බලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති.
වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ නඩු භාණ්ඩ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදුකිරීම සඳහා අදාළ බලධාරීන් වෙත යොමු කිරීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
