අමෙරිකාවට ඉහළ අහසේ පියාසර කරමින් තිබූ චීනයට අයත් ගවේශන බැලූනය මිසයිල ප්‍රහාරයකින් විනාශ කොට තිබේ.
ඒ දකුණු කැරොලිනා ප්‍රාන්තයට ඉහළින් වූ ගුවන් කලාපයේදී.
ජනාධිපති ජෝ බයිඩ්න්ගේ නියෝගයකට අනුව එය විනාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.
අදාළ මෙහෙයුම සඳහා එම ප්‍රදේශයේ ගුවන් තොටුපළ තුනක් වසා දැමීමට සිදු වූ බව ද, විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
එරට අරක්ෂක අංශ සඳහන් කළේ, මිසයිල ප්‍රහාරය දියත් කිරීම සඳහා F 22 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානාවක් යොදාගත් බවයි.
විනාශ වූ බැලුනයේ සුන්බුන්,අසළ පිහිටි මුහුදට පතිත වී තිබේ.
කිලෝමීටර් 11ක් පුරා පැතිරුනු සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මකයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
