ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය 2027 වෙනුවෙන් අත්පිටපත් බාර ගැනීම 2026 සැප්තැම්බර් 15 සිට 2026 දෙසැම්බර් 15 දක්වා ක්‍රියාත්මක කරන බව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය පවසයි.
ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය යටතේ උසස් ශාස්ත්‍රීය, පර්යේෂණ, නවකතා, කෙටිකතා, පද්‍ය, නාට්‍ය ඇතුළු නිර්මාණාත්මක සාහිත්‍ය කෘති, යොවුන් සාහිත්‍ය සහ ළමා කෘති සඳහා ආධාර ලබා දීමට සැලසුම් කර ඇත. එහි දී හොඳම ශාස්ත්‍රීය හා පර්යේෂණ කෘති සඳහා රුපියල් 150,000ක්, නවකතා සඳහා රුපියල් 125,000ක්, කෙටිකතා සංග්‍රහ සහ විවිධ ශානරයේ කෘති සඳහා රුපියල් 100,000ක්, පද්‍ය, යොවුන් සාහිත්‍ය සහ ළමා කෘති සඳහා රුපියල් 75,000ක් පිරිනැමීමට කටයුතු කරන බවත්, මේ කෘති සියල්ල 2027 වර්ෂයේ සාහිත්‍ය මාසය වෙනුවෙන් එළිදැක්වීමට අපේක්ෂා කරන බවත් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ලේඛක/ ලේඛිකාවන් කොළඹ 7, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයට පැමිණ හෝ 0112-687583 අංකයට දුරකතන ඇමතුමක් ලබා දී වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය. එසේ ම www.natlib.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සහ

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
