ඇමෙරිකාවේ වර්ජීනියා ප්‍රාන්තයේ නිව්පෝට් නගරයේ පාසලකත 06 හැවිරිදි සිසුවකු තම ගුරුවරියට වෙඩි තබා ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
33 හැවිරිදි එම ගුරුවරිය, බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පවසා තිබේ. වෙඩි තැබීම සිදුවී ඇත්තේ රික්නෙක් පාසලේ යැයි ද පැවැසෙයි.
සිසුවා වෙඩි තැබීම කර ඇත්තේ පිස්තෝලයකින් බවත්, ඔහු වහා පොලිස් අත්අඩංගුවට ගත් බවත් නිව්පෝට් පොලිස්පති ස්ටීව් ඩෲ මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
(රොයිටර්)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
