බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ සහයෙන් සිරියාවේ රසායනික අවි පරිශ්‍ර වෙත ප්‍රහාර එල්ල කිරීමට අනුමැතිය දුන් බව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතමින් සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
සිරියානු රජය, ඩූමා නගරයේ සිවිල් වැසියන් ඉලක්ක කර රසායනික ප්‍රහාර එල්ල කළ බවට වන සාක්ෂි තමා සතුව තිබෙන අතර එම තොරතුරු ඉදිරියේදී හෙළි කිරීමට සූදානම් යනුවෙන් ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රෝන් පසුගියදා නිවේදනය කළ බව සහ සිරියාව සම්බන්ධයෙන් අමෙරිකාව ගෙන යන මෙහෙයුම් වලට සහය ලබා දීමට පසුගියදා අග්‍රාමාත්‍ය තෙරේසා මේ ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩලය ද තීරණය කර තිබෙන බවද විදෙස් මාධ්‍ය අනාවරණය කර සිටියි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිරියාවේ රසායනික අවි පරිශ්‍ර වෙත ප්‍රහාර එල්ල කිරීමට අනුමැතිය දුන්නේ මෙවැනි පසුබිමක් තුළය.
ඒ අනුව මේ වන විට සිරියාවේ ඩමස්කස අගනුවර මේ වන විට පිපිරීම් කිහිපයක් සිදුව ඇති බවත් ඒ ඇමරිකාව විසින් එල්ල කරන මිසයිල ප්‍රහාර බවද විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි.
එසේම ලොව පුරා සීතල යුද්ධයක් ප්‍රතිනිර්මාණය වෙමින් පවතින බවට එක්සත් ජාතින්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටියරෙස් ද අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
