Language Switcher

V2025

සිරියාවට ගුවන් ප්‍රහාර : රුසියාව ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවයි

ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය එකාබද්ධව  සිරියාවට එල්ල කරන ගුවන් ප්‍රහාර පිළිබඳ සාකච්ඡා  කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ කඩිනම් රැස්වීමක් රුසියාව විසින් කැඳවා තිබෙන බව වාර්තා වෙයි.
 
එසේම ඒකාබද්ධ හමුදාවන් තම හිතවත් රටක් වූ සිරියාවට එරෙහිව එල්ල කරන ප්‍රහාර වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් 14 වනදා එල්ල කරන ලද ප්‍රහාර කිසිසේත් සුළුකොට නොතකන බවද රුසියාව සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
ඉලක්ක 3කට බරපතල මිසයිල ප්‍රහාර 
1.1
 
1.2
 
මෙම ඒකාබද්ධ ගුවන් ප්‍රහාරය සිරියාවේ   ඉලක්ක තුනක් වෙත එල්ල කල බව  ජෙනරාල් ජෝසෆ් ඩන්ෆර්ඩ් අනාවරණය කර ඇත. ඒ :රසායනික හා ජීවවිද්‍යාත්මක අවි නිපදවීමට සම්බන්ධ යැයි සැලකෙන දමස්කස් හි පිහිටි විද්‍යාත්මක පර්යේෂණායතනයක්, බටහිර හොම්ස් හි පිහිටි රසායනික අවි ගබඩාවක් සහ හොම්ස් නගරයට ආසන්න රසායනික අවි උපකරණ ගබඩාවක් හා පාලන ස්ථානයක් වශයෙන්ය.
 
එසේම එහිදී Tomahawk missile ඇතුළු බරපතල වර්ගයේ මිසයිල ප්‍රහාර 105 කට අධික ප්‍රමාණයක් ප්‍රහාරය සඳහා යොදාගෙන ඇති බවද වාර්තා වෙයි.
 
ප්‍රහාර ගණනාවක් ව්‍යර්ථ කළබව සිරියාව කියයි 
2
 
කෙසේ වුවත් සිරියානු රාජ්‍ය රූපවාහිනිය වාර්තා කර ඇත්තේ එල්ලවූ මිසයිල ප්‍රමාණයෙන්  දුසිමකට අධික ප්‍රමාණයක්  බිම හෙලාලන්නට සිරියානු ගුවන් ආරක්ෂක පද්ධති වලට හැකිවූ බවත් ඒ හේතුවෙන්  අදාළ ප්‍රහාරයෙන් දමස්කස් නගරයේ පර්යේෂණායතනයට පමණක් හානි වී ඇති බවත්ය.
 
එසේම හොම්ස් නගරයේදී සිවිල් වැසියන් තිදෙනෙකු පමණක් තුවාල ලබා ඇති බවද එය වාර්තා කරයි.
 
ප්‍රහාරය සාර්ථක බවට ට්‍රම්ප්ගෙන් නිවේදනයක් 
සරයවට3
 
මේ අතර  ඇමරිකාවේ  ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ "දැනට, මේක එක වරක පහරදීමක්" පමණක් ලෙස සැළකිය යුතු බවත් අදාළ ප්‍රහාරයේදී තම පාර්ශවයට කිසිඳු හානියක් සිදුව නොමැති බවය. 
 
ඒකාබද්ධ හමුදා ප්‍රහාරයට චීනයේ විරෝධය 
 
ඇමෙරිකාවේ සිටින රුසියානු තානාපති අනතෝලි අන්තොනොෆ්, මෙවැනි ක්‍රියා පලවිපාකවලින් තොර නොවන බවට අනතුරු අඟවා ඇති බව ට නිවේදනයක් නිකුත් කර තිබෙන අතර චීන විදේශ අමාත්‍යාංශයද ඒකාබද්ධ හමුදා ප්‍රහාරය හෙළාදකිමින් නිවේදනයක් නිකුත් කොට තිබේ.
 
එහිදී අවධාරණය කෙරී ඇත්තේ ජාත්‍යන්තර සම්බන්ධතා වලදී  බලහත්කාරී ලෙස තීන්දු තීරණ ක්‍රියාත්මක නොකළ යුතු බවත් සියළු රටවල ස්වාධීනත්වයට ගරුත්වයක් තිබිය යුතු බවත්ය. 
 
මේ වන විටත් ප්‍රහාරවලට එක්සත් රාජධානියේ සහ ප්‍රංශයේ සම්බන්ධය එම රටවල රාජ්‍ය නායකයන් විසින් තහවුරු කර ඇති අතර බ්‍රිතාන්‍ය  අගමැතිනි තෙරේසා මේ සඳහන් කර සිටින්නේ බලහත්කාරය යෙදවීම හැර සිරියාවේ සිදුවන දේ සම්බන්ධව  වෙනත් ප්‍රායෝගික විකල්පයක් නොතිබූ බවය.