රුසියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ යෝජනාවක් සම්මතයි !

රුසියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ යෝජනාවක් සම්මතයි !

රුසියානු හමුදා යුක්රේනයේ සිදු කරන හමුදා මෙහෙයුම කොන්දේසි විරහිතව නතර කළ යුතු බවට එකසත් ජාතීන්ගේ මහ සමුළුව යෝජනාවක් වැඩි ඡන්දයෙන් සම්මත කර ගෙන තිබේ.

ඊයේ (02) මේ සම්බන්ධයෙන් වූ ජන්ද විමසීමේදී එක්සත් ජාතීන්ගේ මහ සභාවේ සාමාජික රටවල් 193 න් යෝජනාවට පක්ෂව රටවල් 141 ඡන්දය ලබා දුන්නේය.

යුක්රේන ගැටුම සම්බන්ධයෙන් මහ සමුළුවේ විශේෂ සැසියක් පසුගිය 28 සහ 1 වැනිදා පැවති අතර ඡන්දය විමසීම සිදුකර ඇත්තේ ඉන් අනතුරුව ය.

සිරියාව,බෙලරුසය, උතුරු කොරියාව, එරිත්‍රියාව සහ රුසියාව මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය ලබා දී ඇත.

සාමාජික රටවල් 35 ක් මෙම යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී ඇත. ඒ අතරේ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ, චීනය ද විය.

එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේ සභාපති අබ්දුල්ලා ෂහීඞ් මෙම යෝජනාව ඉදිරිපත් කරන අවස්ථාවේ දී සමුළුවට එක් වී සිටි සියලුම තානාපතිවරු සතුටට පත්ව අසුන්වලින් නැගිට අත්පොළසන් දුන් බව විදෙස් මාධ්‍ය පවසයි.

රුසියාව වහාම, කොන්දේසි විරහිතව තම හමුදා සම්පුර්ණයෙන්ම යුක්රේනයෙන් ඉවත් කරගත යුතු බව එම යෝජනාවේ සඳහන් වෙයි. මෙම යෝජනාවට රටවල් 90 ක් අනුග්‍රහය දැක්වූ අතර මෙම යෝජනාව සම්මත කිරීමට මහ සමුළුවේ 2/3 බහුතර කැමැත්ත අවශ්‍ය විය.

“මෙම යෝජනාව සම්මත කිරීම තුළින් අපි දෙන පණිවුඩය පැහැදිලි වාහාම යුක්රේනයට කරන පහරදීම් නවත්වන්න, රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ගයකට පිවිසෙන්න” යැයි සභාපති අබ්දුල්ලා ෂහීඞ් අවධාරණය කර ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න