රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හෙළා දැක තිබේ.
අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, රුසියානු ගුවන් යානාවලට සිය ගුවන් අවකාශය තුළට ඇතුළුවීම ද තහනම් කර ඇති බවයි.
රුසියාව, යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන හාර්කිව් වෙත ගුවන් ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
යුක්‍රේනයෙන් පලා යන පුරවැසියන් භාර ගැනීමට හංගේරියාවද සූදානම් වන බව සඳහන් ය.
යුක්‍රේනයේ කියෙව් අගනුවරට රුසියානු හමුදාව එල්ල කල ප්‍රහාරයෙන් රූපවාහිනි කුළුණකට හානි සිදුව තිබේ.
මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
තාක්ෂණික මධ්‍යස්ථාන ඇතුළු කියෙව් නගරයේ ප්‍රධාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන බවට ඊයේ රුසියාව අනතුරු ඇඟවීමක් කළේ ය.
මේ අතර පවතින තත්ත්වය හමුවේ ,ලෝක බැංකුව යුක්‍රේනයට අමෙරිකානු ඩොලර් බිලියන 3 ක් ලබා දීමට සූදානම් වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ රුසියානු ප්‍රහාරවලින් ය්‍රක්‍රේනයේ සිවිල් වැසියන් 136 දෙනෙකු මිය ගොස් ඇති බවයි.
තුවාල ලබා ඇති සංඛ්‍යාව 400 ක් බව සඳහන් ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
