අවුන් සාන් සූ චී : තවත් වසර 4 කට හිරේ !

අවුන් සාන් සූ චී : තවත් වසර 4 කට හිරේ !

කලෙක සිට පැවැත්වුණු නඩු විභාග මාලාවක නවතම නඩුව හරහා, බලයෙන් පහකළ නායිකා අවුං සාන් සූ චීට තවත් වසර හතරක සිරදඬුවමක් නියම කරන්නට මියන්මාර අධිකරණයක් කටයුතු කර තිබේ.

නීතිවිරෝධී ලෙස ජංගම සංනිවේදන උපකරණ (වෝකි ටෝකි) සන්තකයේ තබා ගැනීම සහ ආනයනය කිරීමත්, කොවිඩ්-19 නීති කඩ කිරීමත් සම්බන්ධයෙන් ඇය වරදකරු බව තීරණය කෙරිනි.

සූ චී ප්‍රථම වරට වරදකාරිය කරනු ලැබුවේ දෙසැම්බර් මාසයේ දී වන අතර, එහිදී ඇයට වසර දෙකක සිර දඬුවමක් නියම විය.

පසුගිය පෙබරවාරියේ හමුදා කුමන්ත්‍රණයකින් පසු ඇයව රඳවාගෙන සිටින අතර, ඇයට විවිධ වූ චෝදනා දුසිමක් පමණ එල්ලවී ඇත. සූ චී එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරයි.

එම චෝදනාවන් අසාධාරණ චෝදනාවන් ලෙස හැඳින්වෙන අතර, ඒවා පුළුල් ලෙස හෙළා දැක ඇත.

සඳුදා චෝදනා එල්ල වී ඇත්තේ, හමුදා කුමන්ත්‍රණය සිදු වූ දින ජෙනරාල් මින් අවුං හ්ලේන්ගේ නායකත්වයෙන් යුත් හමුදා සොල්දාදුවන් විසින් ඇගේ නිවස සෝදිසි කළ විට දී මෙම උපකරණ සොයාගත් බව ඔවුන් පැවසීමෙන් අනතුරුව යි.

අගනුවර වන නයි පේ තාව්හි සඳුදා පැවති නඩු විභාගය මාධ්‍යයට විවෘත නොවූ අතර, සූ චීගේ නීතිඥයින්ට මාධ්‍ය සහ මහජනතාව සමග සන්නිවේදනය කිරීම තහනම් කර තිබේ.

නොබෙල් ත්‍යාගලාභි සූ චී පසුගිය මාසයේ දී විසම්මුතිය පැතිරවීම සහ කොවිඩ්-19 නීති කඩකිරීම සම්බන්ධයෙන් වරදකාරිය වූ අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී මිෂෙල් බැචලේ එය "ව්‍යාජ නඩු විභාගයක්" ලෙස හෙළා දුටුවා ය.

සියලු චෝදනාවලට වරදකරු වුවහොත් සූ චී ජීවිතාන්තය දක්වා සිරගත කළ හැකි බව විශ්වාස කෙරේ.

BBC

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න