ජර්මනියට ගංවතුර

ජර්මනියට ගංවතුර

දශක ගණනාවකට පසු ජර්මනියේ ඇති වී තිබෙන ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයන් 92 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් පුවත් වාර්තා කළේය.

තවත් පුද්ගලයන් 1,300කට අධික සංඛ්‍යාවක් අතුරුදන් වී ඇතැයි ද වාර්තා වේ.

පසුගිය දින කිහිපය ඇතුළත බටහිර යුරෝපයට ඇද වැටුණු වාර්තාගත වර්ෂාපතනය හේතුවෙන් ගංගා පිටාර ගැලීමට පටන් ගෙන ඇති අතර, පළාත් රැසක් ජලයෙන් යට වී ඇතැයි ජර්මානු පුවත් සඳහන් කළේය.

ජර්මනියේ බටහිර පළාතට ගංවතුරෙන් වැඩි හානියක් සිදුවී ඇති අතර, එහි බලපෑම තක්සේරු කිරිම ද අපහසු වී ඇතැයි විදෙස් පුවත් අනාවරණය කළේය.

ඇතැම් පළාත්වල අධික වර්ෂාව හේතුවෙන් ජංගම දුරකතන සම්බන්ධතා ද බිඳ වැටී ඇත. එබැවින් විපතට පත්වූවන්ගේ තත්ත්වය සොයා බැලීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේදී දුෂ්කරතා රැසකට මුහුණ පෑමට ද සිදු වී ඇත.

මේ වන විට අමෙරිකාවේ සංචාරයක නිරතව සිටින ජර්මානු චාන්සල්වරිය අනපේක්ෂිත විපත සම්බන්ධව දැඩි කනගාටුව පළ කර ඇති අතර, විපතට පත්වූවන්ට කඩිනමින් සහන සැලසීමට බලධාරින්ට උපදෙස් දී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න