ගාසාහී තිබූ අල්ජසීරා මාධ්‍ය ආයතනය කුඩු !

ගාසාහී තිබූ අල්ජසීරා මාධ්‍ය ආයතනය කුඩු !

ගාසා තීරයේ පිහිටා තිබූ අල් ජසීරා මාධ්‍ය ආයතනයට අයත් ගොඩනැගිල්ල ඊශ්‍රායලය ගුවන් හමුදා ප්‍රහාරවලට ලක්වී බිමට සමතලාවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අල් ජසීරා, ඇසෝසියේටඩ් ප්‍රෙස්  වැනි ප්‍රධාන ජාත්‍යන්තර මාධ්‍ය ආයතන පිහිටා තිබූ බවත්   මේ ප්‍රහාරය එල්ල කිරීමට පැයකට පමණ කාලයකට පෙර  ඊශ්‍රායල හමුදාව විසින්  අනතුරු ඇඟවීමක් ලබා දී ඇති බවත් එම පුවත් වාර්තාවල සඳහන් වෙයි..

ප්‍රහාරය එල්ලවූ අවස්ථාව වන විට එහි මිනිසුන් සිටියාද යන්න මෙතෙක් අනාවරණය කර ගෙන නොමැති නමුත් මාධ්‍ය ආයතන කාර්‍යාල පමණක් නොව  ගොඩනැගිල්ල තුළ  පෞද්ගලික නිවාසද පිහිටා තිබූ බවත්  විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

අල්ජසීරා මාධ්‍ය ආයතනය නිවේදනයක් නිකුත් කරමින් මෙම ප්‍රහාරයේ වගකීම ඊශ්‍රායල රජය බාරගත යුතු බවත්   ප්‍රහාරයේ අරමුණ එම භූමිය තුළ සිදුවෙමින් පවතින විනාශය පිළිබඳ අවට ලෝකය දැනුවත් කිරීම වැළක්වීම බවත් සඳහන් කර ඊශ්‍රායලය වෙත චෝදනා කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න