Image

ජොන්ස්ටන්ගේ BMW නඩුව ඔක්තෝබර් 28 කැඳවීමට නියෝග!

ජොන්ස්ටන්ගේ BMW නඩුව ඔක්තෝබර් 28 කැඳවීමට නියෝග!

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු  BMW රථයක් එකලස් කර ව්‍යාජ අංකයක් යොදා භාවිතා කළ බවට වන සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගැනීම හෝ පිළිනොගැනීම සදහා නඩුව ලබන ඔක්තෝබර් මස 28 කැදවන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (16) නියෝග කළා.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇප මත මුදා හැර ඇති හිටපු අමාත්‍යජොන්ස්ටන් ප්‍රනාන්දු යන අය නඩුව කැඳවූ අවස්ථාවේදී විවෘත අධිකරණයේ පෙනී සිටියා.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.

කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක වාහන අංගනයේ සැකකටයුතු ලෙස නවතා තිබූ BMW වර්ගයේ මෝටර් රථයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි සිදුකළ විමර්ශනයක් සිදු කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න