රාවුල් කැස්ත්‍රෝ නායකත්වයට සමුදෙයි

රාවුල් කැස්ත්‍රෝ නායකත්වයට සමුදෙයි

රාවුල් කැස්ත්‍රෝ කියුබානු කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස් විය.

අධිරාජ්‍ය විරෝධි උද්යෝගිමත් තාරුණයට කියුබාවේ අනාගතය භාර කරන බව  රාවුල් කැස්ත්‍රෝ පක්ෂ සම්මේලනය අමතමින් කියා සිටී.

ඒ අනුව අඩසියවසක් පුරා කියුබාවේ පැවැති කැස්ත්‍රෝ පවුලේ පාලනය මින් අවසන් වනු ඇති.

දින 04ක් පුරා පැවැත්වෙන කියුබානු කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයේදී මීළඟ අනුප්‍රාප්තිකයා තෝරා ගැනීමට නියමිතය.

1959 කියුබානු විපලවයෙන් අනතුරුව අඩ දශකයකට ආසනන් කාලයක් කියුබාව පාලනය කළ ෆිදෙල් කැස්ත්‍රෝ 2008 වසරේදී සිය සහෝදරයා වූ රාහුල් කැස්ත්‍රෝ වෙත කියුබාවේ නායකත්වය භාර දුන්නේ ය.

රාවුල් කැස්ත්‍රෝ  මේ වන විට 89 වන වියේහි පසුවෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න