කුම්භමේලා උත්සවයට පැමිණි බැතිමතුන් සිය ගණනකට කොරෝනා

කුම්භමේලා උත්සවයට පැමිණි බැතිමතුන් සිය ගණනකට කොරෝනා

ඉන්දියාවේ කුම්භ මේලා උත්සවයට පැමිණි බැතිමතුන් සියගණනකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.

ඒ අතර එම උත්සවයට සහභාගී වී සිටි ප්‍රධාන පූජකවරුන් 09 දෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

මෙවර කුමභ මේලා උත්සවය සඳහා බැතිමතුන් මිලියන 03කට අධික පිරිසක් පැමිණ ඇති අතර ඔවුන් පසුගිය අඟහරුවාදා දිනයේ ගංඟානම් ගඟේ ජලය ස්නානය කර ඇති බව සඳහන් ය.

ඉන්දියාවෙන් ඊයේ දිනය තුළ පමණක් නව කොවිඩ් -19ආසාදිතයින් ලක්ෂ 02කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබුණි.

ඊයේ (14) දිනය තුළ නව අසාදිතයින් 199,376 දෙනෙකු වාර්තා වී ඇති අතර මරණ 1,037ක් සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න