කැරිබියන් දුපතේ ප්‍රබල ගිනි කන්දක විදාරණයක්

කැරිබියන් දුපතේ ප්‍රබල ගිනි කන්දක විදාරණයක්

කැරිබියන් දූපතක් වන ශාන්ත වින්සන්ට්හි ප්‍රබල ගිනි කන්දක් විදාරණය වීම ආරම්භ වී තිබේ.

මේ හේතුවෙන්පුද්ගලයින් 16,000 ක් රතු අවදානම් කලාපවල රැඳී සිටින බව විදෙස් වාර්තා අනාවරණ කරයි.

ශාන්ත වින්සන්ට් දිවයිනේ අග්‍රාමාත්‍යවරයා මේ වනවිටත් ඔවුන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කරන ලෙස නියෝග කර තිබේ.

ගිනි කන්ද සක්‍රීය වීම ආරම්භ වූයේ පසුගිය දෙසැම්බර් මාසයේ සිටය.

ඉන් කිලෝමීටර් 06 ක් තරම් උසකට අළු හා දුමාරය නැගෙමින් ඇතැයි විදෙස් වාර්තා සදහන් කරයි.

එම ගිනි කන්ද අවසන් වරට පුපුරා ගියේ 1979 වසරේදී වන අතර එහිදී දිවයිනට සිදු වූ අලාභය ඩොලර් මිලියන් 100 කි.

ඊට පෙර 1902 වසරේදී ද එහි සිදු වූ දරුණු පිපිරීම්වලින් ශාන්ත වින්සන්ට් දිවයිනේ පුද්ගලයින් 1000 ක් ජීවිතක්ෂයට පත්විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න