ඉන්දියාවේ ප්‍රාන්ත 04 ක මැතිවරණය අද

ඉන්දියාවේ ප්‍රාන්ත 04 ක මැතිවරණය අද

ඉන්දියාවේ ප්‍රාන්ත 04 ක මැතිවරණය අද පැවැත්විණි.

තමිල්නාඩු ප්‍රාන්ත පාර්ලිමේන්තුව සදහා නියෝජිතයන් 234 දෙනෙකු තෝරාගැනීම සදහා මෙම ප්‍රාන්ත ඡන්ද විමසීම පැවැත්විණි.  ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව ඇත්තේ මැයි මස දෙවනදායි.

පාලක ඒ අයි ඒ ඩී එම් කේ පක්ෂය, ප්‍රධාන අමාත්‍ය කේ පලනි ස්වාමිගේ නායකත්වයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටින අතර, එම පක්ෂය මෙවරත් ජයග්‍රහණය කිරීමේ ප්‍රවණතාවක් පවතින බව දේශපාලන විශ්ලේෂකයන් පවසයි.

. ඒ අයි ඒ ඩි එෆ් ජේ පක්ෂය ජය ලලිතා මහත්මිය ආරම්භ කළ අතර, ඇයගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන බව වර්තමාන ප්‍රධාන අමාත්‍ය කේ පලනි ස්වාමි සදහන් කළේය. දීර්ඝකලක් කරුනානිදි පාලනය කළ ඩී එම් කේ පක්ෂය මෙවර එම් කේ ස්ටාර්ලින් යටතේ තරග වදී.

මෙවර ඡන්ද විමසුමට තමිල්නාඩුවෙන් අපේක්ෂකයන් 3998 දෙනෙකු ඉදිරිපත් වූ අතර කෝටි හයකට අධික ජනතාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කළේය. එම් එන් එම් දේශපාලන පක්ෂය කමල් හසන්ගේ නායකත්වය යටතේ මුල්ම වරට මෙවර මැතිවරණයට ඉදිරිපත් විණි.

මේ අතර කොරෝනා වෛරසය නැවත වරක් හිස එසවීමත් සමගම අද සිට දිල්ලි නගරයට රාත්‍රී කාලයේදී ඇදිරිනීතිය ක්‍රියාත්මක බව එරට මාධ්‍ය සදහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න