පැය 24 තුළ බ්‍රසීලයේ කොරෝනා මරණ 4000ක්!

පැය 24 තුළ බ්‍රසීලයේ කොරෝනා මරණ  4000ක්!

බ්‍රසීලයෙන් ගෙවුණු පැය 24 තුළ 4000කට වැඩි කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

වාර්තා වූ මරණ 4,195 කි. ඒ අනුව, බ්‍රසීලයේ කොරෝනා මරණ 3,37,000 තෙක් ඉහළ ගොස් ඇතැයි ද කොරෝනා වසංගත ව්‍යාප්තිය නිසා ලොව බලපෑමට ලක් වූ දෙවන රට බ්‍රසීලය බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

කෙසේ වෙතත් ජනාධිපති ජේර් බොල්සනාරෝ තවදුරටත් පසුවන්නේ, රට වසා දැමීමක් හෝ වසංගත ව්‍යාප්තිය පාලනය සඳහා කිසිදු පියවරක් වෙත යොමු නොවීමේ දැඩි ස්ථාවරයකයි.

වෛරස ව්‍යාප්තිය පාලනය පිළිබඳ අවාධනය යොමු නොකරන ජනාධිපතිවරයාගේ අදහස් වී ඇත්තේ, ආර්ථිකයට සිදුවන හානිය වෛරසයේ බලපෑමට වඩා දරුණු වනු ඇති බවටයි.

බ්‍රසීලයේ රෝහල් සියල්ල පිරී ගොස් ඇති අතර, කොරෝනා වයිරසය හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සිරුරු වීදිවල ගොඩගැසීමට පටන්ගෙන ඇතැයි ද බ්‍රසීල පුවත් සේවා වාර්තා කරයි.

පසුගිය මාර්තු මාසයේ පමණක් බ්‍රසීලයෙන් කොරෝනා මරණ 66,750 ක් වාර්තා විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න