Image

නීතිවිරෝධී දුම්වැටි විශාල ප්‍රමාණයක් ඇතුළු රුපියල් මිලියන 250කට අධික භාණ්ඩ තොගයක් රාජසන්තක කරයි

නීතිවිරෝධී දුම්වැටි විශාල ප්‍රමාණයක් ඇතුළු රුපියල් මිලියන 250කට අධික භාණ්ඩ තොගයක් රාජසන්තක කරයි

ආනයනකරුවකු ගේ නමින්, ඔහු නොදැන, වංචනිකව රේගුව හරහා නිෂ්කාශනය කිරීමට උත්සාහ කළ අඩි 40ක කන්ටේනරයක තිබූ නීතිවිරෝධී දුම්වැටි විශාල ප්‍රමාණයක් ඇතුළු රුපියල් මිලියන 250 අධික භාණ්ඩ තොගයක් රාජසන්තක කළ බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

තොටළඟ ග්‍රේලයින් රේගු අංගනයේ තිබූ කන්ටේනරයක තිබී මෙම භාණ්ඩ රේගුව ඊයේ (17) සිය භාරයට ගෙන ඇත.

තේ පෙරහන් කඩදාසි ලෙස ප්‍රකාශයට පත් කර තිබුණු මෙම කන්ටේනරයේ පෙරහන් කඩදාසි තිබී නැත.

ශ්‍රී ලංකා රේගුවට ලැබුණු, ඔත්තුවක් මත ඊයේ 17ක මෙම කන්ටේනර් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි තිබී මැන්චෙස්ටර් මාස්ටර් පෙට්ටි 100ක්, කහ මෙට්‍රික් ටොන් 11කට ආසන්න ප්‍රමාණයක්, ඊ සිගරට් සහ ෂී ෂා මොලැසස්, රූපලාවන්‍ය ද්‍රව්‍ය, චොකලට්, බිස්කට්, සුවඳ විලවුන්, කජු කිලෝග්‍රෑම් 1600ක් සහ වියළි ඉඟුරු කිලෝග්‍රෑම් 500ක් තිබී රේගුව භාරයට ගෙන ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න