ලෝක ආර්ථිකය සූවස් ඇළේ සිර වෙයි

ලෝක ආර්ථිකය සූවස් ඇළේ සිර වෙයි

පසු ගිය 22 වැනිදා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ එවර්ග්‍රීන් නැව් සමාගමට අයත් පැනමාවේ ලියාපදිංචි නැවක් සූවස් ඇළ මාර්ගයේ දී අනතුරට ලක්විය.

සූවස් ඇළ මාර්ගය ප්‍රදේශයේ පැවැති දරුණු සුළං තත්ත්වය හේතුවෙන් නෞකාව අනතුරට ලක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නැව් අනතුර සිදු වී අදට දින 05 ක් ගත වී ඇතත් තවමත් නැව සූවස් ඇළ මාර්ගයේ සිර වී ඇත.

මේ හේතුවෙන් සූවස් ඇළ මාර්ගය හරහා නැව් ගමනාගමනය ඇනහිටී ඇති නිසා ලෝක ඉන්ධන මිළ හා අනෙකුත් ආහාර මිල ගණන්වල ඉහළ යෑමේ තත්ත්වයක් මේ වන විට ඇතිව තිබේ.

මේ වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 9.6ක වටිනාකමක් ඇති භාණ්ඩ හුවමාරුවක් මෙම අනතුර නිසා ඇණහිට තිබීමද ඉන් ප්‍රධාන කරුණකි.

මේ හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල 6% කින් ඉහළ ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.

අදාළ නෞකාව සිරවීමත් සමඟ යුරෝපය හා ආසියාව අතර සැපයුම් මාර්ග සහමුලින්ම ඇනහිට ඇති අතර මේ වන විට මෙම නැව් මාර්ගයේ නෞකා 300ක් පමණ සිර වී ඇති බව වාර්තා වෙයි.

සූවස් ඇළේ සිර වූ නෞකාව ලොව විශාලතම කන්ටේනර් ප්‍රවාහන නෞකාවක් වන අතර මේ වන විට එහි කන්ටේනර් 20000 ක් පමණ පවතින බව සඳහන් වෙයි.

සුවිසල් නෞකාව සූවස් ඇළේ එක් ඉවුරක ගැටී සිරවී ඇති නිසා, සහන කණ්ඩායම් ඇළ ඉවුරේ හානි වූ කොටස විශාල කරමින් නැව මාර්ග ගත කිරීමට උත්සාහ කළද ඊට සති ගණනාවක් ගතවනු ඇති බව නැව මුදා ගැනීමට පැමිණි කණ්ඩායම් පවසා ඇත.

ටග් යාත්‍රා 08 ක් යොදා ගෙන නෞකාව ඉවත් කිරීමට කටයුතු කළ ද තවමත් එය සාර්ථකත්වයට පත් වී නැත.

 117702227 77afde91 ed9d 472c 8583 44819714ca5a

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න