Image

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් 2026 සැප්තැම්බර් මස 02වන දා සිට 03වන දා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිත ය.

මෙම සංචාරයේ දී අමාත්‍ය හේරත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන අමාත්‍යවරුන් කිහිපදෙනකු හමුවීමට නියමිත අතර, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් හා එමිරේටීකරණ අමාත්‍ය ආචාර්ය අබ්දුල්රහ්මාන් අබ්දුල්මන්නාන් අල් අවාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථික හා සංචාරක අමාත්‍ය අබ්දුල්ලා බින් තවුක් අල් මාරි ඇතුළු පාර්ශ්ව සමග අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත ය.

සැප්තැම්බර් මස 02වන දින, අමාත්‍ය හේරත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය තානි බින් අහමද් අල් සෙයුඩි සමග එක්ව ඩුබායිහි පැවැත්වෙන “Sri Lanka Beyond Your Dreams” වැඩසටහනේ දෙවැනි අදියරේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වීමට නියමිත ය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න