එදා මෙදා තුර: රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලෙ විනිශ්චය මණ්ඩලය ප්‍රසිද්ධ නොකිරීම, ජයග්‍රාහී කෘති වෙනුවෙන් හේතුපාඨ ඉදිරිපත් නොකිරීම සහ සමීක්ෂණ වාර්තා ප්‍රසිද්ධ නොකිරීම යන කරුණු පිළිබඳව කෙතරම් විමසුව ද, කෙතරම් දෑ ලිව්ව ද ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරින් ගොළු වත රැකීම සම්ප්‍රදායක් සේ පැවතුණි; දැනුදු එහි කිසිදු වෙනසක් දකින්නට නොමැත. සැබැවින් ම මෙය සාකච්ඡා කළ යුතු ම කරුණකි.
මතු පළ වන්නේ ප්‍රවීණ කවියකු මෙන් ම ගීත රචකයකු ද වන රවි සිරිවර්ධන මේ සම්බන්ධයෙන් සිය faice book ගිණුමෙහි පළ කර තිබූ අදහසකි.
රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලෙ විනිශ්චය මණ්ඩලය ප්‍රසිද්ධ නොකිරීම, ජයග්‍රාහී කෘති වෙනුවෙන් හේතුපාඨ ඉදිරිපත් නොකිරීම සහ සමීක්ෂණ වාර්තා ප්‍රසිද්ධ නොකිරීම කියන කාරනා ගැන මම පහුගිය දවසක ප්‍රශ්න කළා..
දවස් කීපයකට පස්සෙ විනිශ්චය මණ්ඩලය ප්‍රසිද්ධ කරපු බව දැක්වෙන මේ නම් ලිස්ට් එකක් මට ලැබුණා. අපි ඉල්ලන්නෙ මෙහෙම කවලම් පලාවක් වගේ එකක් නෙවෙයි. ඒ ඒ සාහිත්‍ය ශානර පිළිබඳ වගකීම් දරපු අය පැහැදිලිව ඉදිරිපත් කරන්න කියල. මේක එහෙම එකක් නෙවෙයි.
ඊළඟට කෝ ඒ ඒ සාහිත්‍ය ශානරය පිළිබඳ විධිමත් සමීක්ෂණ වාර්තාවක්…? මොකද සමීක්ෂකයන් ගෙ හිතු මනාපයට පොත් තෝරන්න බෑ. ඒගොල්ලො කියන්න ඕන මොනවද ඒ සඳහා භවිත කළ නිර්නායක කියල. ප්‍රශස්ත කෘතිය තෝරාගත් පදනම කියන්න ඕන. ඒව මුකුත් නැතුව විනිශ්චය මණ්ඩලය කියල නම් ලිස්ට් එකක් තියෙනව. මේ ඉන්න අති බහුතරයක් නූතන සාහිත්‍ය ගැන මෙලෝ අධ්‍යනයක් තියෙන පිරිසක් නොවන බව නම් මම බය නැතුව කියනව. තෝරපු සමහර පොත් දැක්කම ඒගොල්ලො ඉන්න සාහිත්‍ය කියවීමේ දිග පළල පේනව. අපරාදෙ… රටේ ජනතාව ගෙ සල්ලිවලින් කරන එකම සාහිත්‍ය උළෙල.
ලේඛනාරක්ෂකයෙන් පොත් ලිස්ට් එක අරන් අතට අහුවෙන අහුවෙන කට්ටියට බෙදල දානව සමීක්ෂණය කරන්න කියල. මුලට ආචාර්‍ය මහාචාර්ය කථිකාචාර්ය පට්ටමක් තිබ්බොත් ඒකත් ප්‍රමාණවත් පොත් තෝරන්න. ඒගොල්ලො කොයි තරම් දුරට ඒ විෂය ඇතුළෙ අප්ඩේට් ද කියල වැදගත් නෑ. එහෙම අප්ඩේට් මිනිස්සු ඕක බාර ගන්නෙත් නෑ. මොකද ඒගොල්ලන්ගෙ ශ්‍රමයට සහ කාලයට නිසි ගෙවීමක් ඇගයීමක් නෑ. ඊට වඩා වියදම් කරනව උත්සවේ සැරසිලිවලට. මට මේව ලියන්න හිතෙන්නෙ මම පුරවැසියෙක් නිසා; යටත් වැසියොන්ට මේවගෙන් ඇති වැඩක් නෑ.
රවී සිරිවර්ධන

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
