Image

මධ්‍යම තැපැල් හුවමාරුවේ ස්ථානාධිපතිවරයාට සහ තැපැල් සහායකවරයාට ඇප

මධ්‍යම තැපැල් හුවමාරුවේ ස්ථානාධිපතිවරයාට සහ තැපැල් සහායකවරයාට ඇප

මධ්‍යම තැපැල් හුවමාරුවෙන් පාර්සලයක් නිදහස් කරදීම සඳහා රුපියල් ලක්ෂ පහක අල්ලසක් ඉල්ලා ඉන් ලක්ෂ තුනක මුදලක් ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි  තැපැල් හුවමාරුවේ ස්ථානාධිපතිවරයා සහ තැපැල් සහායකවරයා ඇප මත මුදා හරින ලෙස  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (21) නියෝග කළේ ය.

එක් සැකකරුවට ලක්ෂ දහය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා  සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කර, කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට ඇතුළු වීම ද තහනම් කළේ ය.

සිද්ධිය සම්බන්ධ වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ නිලධාරීන් සඳහන් කර සිටියේ මෙම සිද්ධියට අදාළව එම කාර්යාලයේ තවත් කීපදෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට තිබෙන බවත් මෙම සැකකරුවන් ගේ ජංගම දුරකථන රස පරීක්ෂක වෙත යැවීමට තිබෙන බැවින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස යි.

සිද්ධියට අදාළව වීඩියෝ පටයක් අධිකරණයට ඉදිරිපත් කළ අතර එය අධිකරණයේ දී නිරීක්ෂණය කළේ ය.

නඩුව ලබන 15 යළි කැඳවිමට නියමිත යි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න